Last Update  :  2025-07-19 11:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දිල්හාරගේ පන්දු යැවීම ටයිගර්ස් පිල දිනවයි
ලෙජන්ඩ්ස් ලීග්

දිල්හාරගේ පන්දු යැවීම ටයිගර්ස් පිල දිනවයි

editorial - 2022 සැප් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේදී පැවැත්වෙන ‘ලෙජන්ඩ්ස් ලීග්’ ප්‍රවීණයන්ගේ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ භිල්වාරා කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 31 කට කඩුලු 4 ක් දවාගනිමින් මනිපාල් ටයිගර්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක දිල්හාර ප්‍රනාන්දු සමත් විය. 

ලකුණු 176 ක ඉලක්කයක් හඹාගිය කිංග්ස් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවසන් ඕවරයේදී ලකුණු 9 ක් අවශ්‍ය විය. එහෙත් කඩුලු 2 ක්ද දවාගනිමින් එම ඕවරය ලකුණු 5 කට සීමා කළ දිල්හාර ප්‍රනාන්දු, තම කණ්ඩායමට ලකුණු 3 ක තියුණු ජයක් අත්කර දුන්නේය. 

කඩුල්ලක් දවාගනිමින් සිය පළමු ඕවර 2 ලකුණු 12 කට සීමා කළ දිල්හාර, තමා යැවූ තෙවැනි ඕවරයේදී කිංග්ස් කණ්ඩායමේ නායක ඉර්ෆාන් පතාන්ගේ (23) කඩුල්ලද බිඳහෙළුවේය. අවසන් ඕවරයේදී ලකුණු 9 ක් ආරක්ෂා කර ගැනීම හේතුවෙන් දිල්හාර තරගයේ වීරයා ලෙසද සම්මාන දිනාගත්තේය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ටයිගර්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 175 ක් ලබාගත් අතර එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ටටෙන්ඩා ටයිබු පන්දු 30 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 54 ක් රැස්කළේය. 

ටයිගර්ස් ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ජෙසී රයිඩර් (47) සමග එක්ව පන්දු 64 කදී ලකුණු 109 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද ටයිබු සමත් විය. පන්දු 35 කට මුහුණදුන් රයිඩර්, හයේ පහර 2 කින් සහ හතරේ පහර 6 කින් සිය ඉනිම සැරසුවේය. 

මනිපාල් ටයිගර්ස පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 175 
(ජෙසී රයිඩර්ස් 47, ටටෙන්ඩා ටයිබු 54, කෝරි ඇන්ඩසන් 24, මොහොමඩ් කයිෆ් 28, ටීනෝ බෙස්ට් 20/3, යූසෆ් පතාන් 25/2) 

භිල්වාරා කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 172 
(විලියම් පොටර්ෆීල්ඩ් 28, මැට් ප්‍රයර් 17, ටැන්මේ ශ්‍රීවාස්තව් 26, යූස්ෆ් පතාන් 42, ඉර්ෆාන් පතාන් 23, දිල්හාර ප්‍රනාන්දු 31/4, හර්බජාන් සිං 16/2, පර්වින්දර් අවාසා 34/2) 

-036 


අදහස් (0)

දිල්හාරගේ පන්දු යැවීම ටයිගර්ස් පිල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.