Last Update  :  2025-06-27 19:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දිල්හානිට රිදී පදක්කමක් - චමෝද්ට ලෝකඩයක්
චීන - තායිපේ විවෘත මලල ක්‍රීඩා තරගාලිය

දිල්හානිට රිදී පදක්කමක් - චමෝද්ට ලෝකඩයක්

editorial - 2025 ජුනි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

චීන -  තායිපේ විවෘත මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක් හිමි කර ගත්තේය. එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩක චමෝද් යෝධසිංහ මීටර 100 (පිරිමි) ඉසව්වෙන් තත්පර 10.38 කට ලෝකඩ පදක්කමක් හිමි කර ගත්තේය.

එහිදී ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ තත්පර 10.34 කට ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ජෝශප් අයෝඩ් විසිනි. රිදී පදක්කම ජපන් ක්‍රීඩක බෲනෝ ඩෙඩී විසින් තත්පර 10.36 කට හිමි කර ගත්තේය.

ශ්‍රී ලංකා පළපුරුදු හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා නදීෂා දිල්හානි ලේකම්ගේ මෙම තරගාවලියේදී රිදී පදක්කමක් දිනා ගත්තේ මීටර 56.62 ක දක්ෂතාවයක් පෙන්වමණි. මීටර 56.82 ක දක්ෂතාවයක් දැක්වූ ඉන්දියානු ක්‍රීඩිකා අනූරානී දිල්හානිට වඩා සෙන්ටිමීටර 20 කින් ඉදිරියට යමින් එහිදී රන් පදක්කම දිනා ගත්තාය.

මෙවර චීන - තායිපේ තරගාවලියට  තරග වැදුණු සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන ලෙසදු අතාවිදු ගමගේ අසාර්ථක වූයේ මීටර 2.05 කට උස පැනීමේ පිරිමි ඉසව්වේ හය වැනි ස්ථානයට පත් වෙමිනි. ජපාන ක්‍රීඩක නඕටෝ හසෙගාවා ඉසව්වේ රන් පදක්කම මීටර 2.22 කට දිනා ගත්තේය.

මීට දින කීපයකට කලින් කොරියාවේදී නිමාවූ 26 වැනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට සහභාගිවූ  හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා නදීෂා දිල්හානි එහිදී ඉසව්වේ දක්ෂතාවය වූයේ  මීටර 55.53 කි. ඒ ඉසව්වේ හත් වැනි තැනට පත් වෙමිනි.

එහිදී චමෝද් යෝධසිංහ මීටර 100 (පිරිමි) ඉසව්වේ මූලික වටය තත්පර 10.40 කට නිම කරමින් අවසන් පූර්ව වටයට නිර්දේශ ලැබීය.එහෙත් එහිදී ඔහු පළ කළ තත්පර 10.46 ක දක්ෂතාවය ඉසව්වේ අවසන් තරගයට නිර්දේශ ලබා ගැනීමට ප්‍රමාණවත් නොවීය.


අදහස් (0)

දිල්හානිට රිදී පදක්කමක් - චමෝද්ට ලෝකඩයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.