Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නවතම අයි.සී.සී ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් අනුව දිමුත් කරුණාරත්න ස්ථාන 2 ක් දක්වා පහත වැටී ඇත. ඒ අනුව ඕස්ට්‍රේලියාවට එරෙහිව පළමු ටෙස්ට් තරගය ආරම්භ කරන විට පිතිකරු ශ්‍රේණිගත කිරීම්හී 6 වැනි ස්ථානයේ සිටි දිමුත් කරුණාරත්න ඊයේ (6 වැනිදා) නිකුත් කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව 8 වැනි ස්ථානය දක්වා පහතට වැටී තිබේ.
ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයේදී ඉනිම දෙකෙහිදී දිමුත් කරුණාරත්නට ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 28 ක් සහ 23 ක් පමණි.
මේ වන විට ශ්‍රේණිගත ලකුණු 923 ක් සමගින් ටෙස්ට් පිතිකරුවන් අතර එංගලන්ත ක්‍රීඩක ජෝ රූට් පෙරමුණේ පසුවන්නේය. ඉන්දියාවට එරෙහිව පැවැති 5 වැනි සහ අවසන් ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 31 ක් සහ දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 142 ක් ලබාගනිමින් තව දුරටත් තම ස්ථානය සුරක්ෂිත කර ගැනීමට රූට් සමත්විය.
එම තරගයේදීම පළමු ඉනිමේදී ලකුණු 106 ක් සහ දෙවැනි ඉනිමේචී නොදැවී ලකුණු 114 ක් ලබාගත් එංගලන්ත පිතිකරු ජොනී බෙයාර්ස්ටෝ ස්ථාන 11 ක් දක්වා ඉදිරියට එමින් පිතිකරු ශ්‍රේණිගත කිරීම්හී 10 වැනි ස්ථානයට පැමිණ තිබේ.
බෙයාර්ස්ටෝ අවසන් වරට ක්‍රීඩා කළ ටෙස්ට් තරග තුනක දී ශතක 4ක් වාර්තා කිරීමට සමත්වීම කැපී පෙනේ.
මේ අතර, ඉන්දීය පිතිකරු රිෂාබ් පාන්ට් පිතිකරුවන් ශේණිගත කිරීම්හි 5 වැනි ස්ථානය දක්වා ස්ථාන 6කින් ඉදිරියට පැමිණ තිබේ. එංගලන්තයට එරෙහි පැවැති අවසන් ටෙස්ට් තරගයේ දී ඔහු පළමු ඉනිමේ දී ලකුණු 146 ක් ද, දෙවැනි ඉනිමේ දී ලකුණු 57 ක් ද වාර්තා කිරීමට සමත් විය.
එම ටෙස්ට් තරගයේ දී ලකුණු 11ක් හා 20 ක් ලබා ගත් විරාට් කෝලි 13 වැනි ස්ථානය දක්වා ස්ථාන 3කින් පසුබැස තිබෙනවා.
ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දී කඩුලු 9ක් දවා ගත් ඕස්ට්‍රේලියාවේ නේතන් ලයන් ටෙස්ට් පන්දු යවන්නන් අතර 13 වැනි ස්ථානය දක්වා ස්ථාන 5කින් ඉදිරියට පැමිණ ඇත.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.