Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දිමුත් නායකත්වයට සමුදීමට සැරසෙයි

දිමුත් නායකත්වයට සමුදීමට සැරසෙයි

editorial - 2023 මාර් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එළබෙන අප්‍රේල් මාසයේදී අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව තමා නායකත්වයෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පැවසීය. නවසීලන්තයට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉනිමක පරාජයක් ලැබීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ඔහු ඒ බව කියා සිටියේය.

“මම තේරීම් කමිටුවත් එක්කත් කතා කළා අයර්ලන්ත තරගාවලියෙන් පස්සෙ කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වෙන්න. මොකද ඊළඟ තරග වාරය අවුරුදු 2 ක් සෙල්ලම් කරන්න ඕන තරග වාරයක්. ඉතින් මම හිතනවා නව නායකයෙක් අරගෙන ඒක කරොත් ගොඩක් හොඳයි කියලා.”

“මොකද මම ඒකෙන් බාගයක් කරලා, ඔහුගේ (නව නායකයකු) අතට දෙනවට වඩා ඔහුම ඒක කරගෙන යන එක හොඳයි කියලා මට හිතෙනවා. තේරීම් කමිටුවත් එක්ක මේ ගැන සාකචඡා කළා. ඒත් තවම මට හරියට උත්තරයක් ආවේ නෑ. ඉතින් මම කිව්වා ඊළඟ තරගාවලියත් මම කරලා ලංකාවෙදි, අලුත් තරග වාරයෙ මම දෙන්නම් කියලා.”

“තාම මට හරියට ඒ පැත්තෙන් උත්තරයක් අවෙ නෑ මොකක්ද වෙන්නෙ කියලා. ඉතින් ඒක එනකන් බලන් ඉන්නවා. නමුත් මගේ කල්පනාව තියෙන්නෙ ගොඩක් වෙලාවට ඊළඟ තරගාවලියෙන් පස්සෙ අලුත් නායකයට අවස්ථාවක් ලබා දෙන්න.” යැයි එම මාධ්‍ය හමුවේදී දිමුත් සඳහන් කළේය.

2019 වසරේ පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත්වූ දිමුත්, මේ දක්වා ටෙස්ට් තරග 26 කදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවා ඇත. ඔහුගේ නායකත්වය යටතේ තරග 10 ක් ජයගෙන ඇති ශ්‍රී ලංකා කණ්ඩායම, තරග 10 ක් පරාජයට පත්වී සෙසු තරග 6 ජය පැරදුමෙන් තොරව අවසන් කරගෙන තිබේ.

 
-036


අදහස් (0)

දිමුත් නායකත්වයට සමුදීමට සැරසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.