Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
පල්ලෙකැලේ ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී මහනුවර කණ්ඩායමට එරෙහිව අද (16 වැනිදා) පැවැති තරගයකදී ලකුණු 66 කින් පරාජයට පත්වීම හේතුවෙන් නැෂනල් සුපර් ලීග් තරාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට තිබූ අවස්ථාව ගාල්ල කණ්ඩායමෙන් ගිළිහී ගියේය.
ප‍්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවූ ගාල්ල කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට නම් මෙම තරගය ප‍්‍රසාද ලකුණද සමග ජයගත යුතුව තිබිණි. එමෙන්ම ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවූ යාපනය කණ්ඩායම අද පැවැති සෙසු තරගයේදී කොළඹ කණ්ඩායම හමුවේ පරාජය විය යුතුවද තිබිණි.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 344 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල කණ්ඩායමට අෂේන් ඩැනියෙල් ප‍්‍රමුඛ මහනුවර පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 47.1 අවසන් වන විට සියලූ දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 277 ක් පමණි. එහිදී අෂේන් ඩැනියෙල් කඩුලූ 4 ක්ද, පුලින තරංග කඩුලූ 3 ක්ද දවාගනිමින් ගාල්ල කණ්ඩායමේ ජයග‍්‍රාහී මාවත අවහිර කළහ.
හත්වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි කවිෂ්ක අංජුල පන්දු 71 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 12 ක් සමග ලකුණු 90 ක් රැස්කිරීමට සමත් වුවද, ගාල්ල කණ්ඩායම ජයග‍්‍රහණය කරා ගෙන යෑම සඳහා එය ප‍්‍රමාණවත් නොවීය. විෂාද් රන්දික (47) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 125 කදී ලකුණු 134 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද අංජුල සමත් විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 343 ක් ලබාගත්තේය. එහිදී ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 211 කදී ලකුණු 233 ක දැවැන්ත සම්බන්ධතාවක් ගොඩනැගීමට ළහිරු උදාර (106) සහ නිරොෂන් දික්වැල්ල (135) සමත් වූහ.
පන්දු 104 කට මුහුණදුන් දික්වැල්ල හයේ පහර 2 කින් සහ හතරේ පහර 17 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 116 කදී වාර්තා වූ උදාරගේ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 10 ක් අන්තර්ගත විය. නායක කමිඳු මෙන්ඩිස් පන්දු 41 කින් ලකුණු 58 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි.
මහනුවර පිල - ඕවර 50 කදී කඩුලූ 6 ක් දැවී 343
(ළහිරු උදාර 106, නිරෝෂන් දික්වැල්ල 135, කමිඳු මෙන්ඩිස් 58, චලන ද සිල්වා 38/3)
ගාල්ල පිල - ඕවර 47.1 කදී සියලූ දෙනා දැවී 277
(අෂාන් රන්දික 27, පබසර වඩුගේ 42, විෂාද් රන්දික 47, කවිෂ්ක අංජුල 90, අෂේන් ඩැනියෙල් 46/4, පුලින තරංග 35/3, අසිත ප‍්‍රනාන්දු 54/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.