Last Update  :  2024-05-06 10:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ද්‍රවිඩ සංගම් - මහනුවර රේගු ජය ලබයි
අන්තර් සමාජ මේජර් ලීග්

ද්‍රවිඩ සංගම් - මහනුවර රේගු ජය ලබයි

editorial - 2024 ජන මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ මේජර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ඊයේ (31 වැනිදා) පැවැති තරග දෙකකදී ජයග්‍රහණය වාර්තා කිරීමට ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය සහ මහනුවර රේගු ක්‍රීඩා සමාජය සමත් විය. එම තරගවලදී පිළිවෙලින් රාගම සහ ඒස් කැපිටල් ක්‍රීඩා සමාජ පරාජයට පත් විය. 

කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී රාගම ක්‍රීඩා සමාජය කඩුලු 5 කින් පරාජය කිරීමට ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය සමත් වූ අතර පානදුර ක්‍රීඩාංගණයේදී ඒස් කැපිටල් ක්‍රීඩා සමාජය පරාජය කිරීමට මහනුවර රේගු ක්‍රීඩා සමාජය සමත් වූයේ ලකුණු 49 කිනි. 

රාගම කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා දක්ෂ පන්දු යැවීමක නිරත වූ ද්‍රවිඩ සංගම් කණ්ඩායමේ රවිඳු ප්‍රනාන්දු ලකුණු 37 කට කඩුලු 4 ක් බිඳහෙළුෑ අතර ශිරාන් ප්‍රනාන්දු ලකුණු 19 කට කඩුලු 2 ක් දවාගනිමින් රවිඳුට අනගි සහායක් ලබාදුන්නේය. 

මහනුවර රේගු කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරත වූ මිතුන් ජයවික්‍රම පන්දු 64 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 93 ක් ලබා සිටියදී ශතකය පෙනි පෙනී දැවී ගියේය. එහිදී රවිඳු රත්නායක ලකුණු 41 කට කඩුලු 5 ක්ද, රොෂාන් ජයතිස්ස ලකුණු 30 කට කඩුලු 4 ක්ද බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. 

ඒස් කැපිටල් කණ්ඩායමේ පවන්ත වීරසිංහ පන්දු 47 කදී හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 56 ක් රැස්කළ අතර එම කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළ හසිත නිර්මාල් ලකුණු 19 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් විය. 


කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී
ද්‍රවිඩ සංගම් පිලට කඩුලු 5 ක ජයක්
රාගම පිල - ඕවර 26.3 කදී සියලු දෙනා දැවී 92 
(සන්තුෂ් ගුණතිලක 29, චමත් ගෝමස් 22, රවිඳු ප්‍රනාන්දු 37/4, ශිරාන් ප්‍රනාන්දු 19/3, දිලුම් සුදීර 10/2)
ද්‍රවිඩ සංගම් පිල - ඕවර 15.3 කදී කඩුලු 5 ක් දැවී 94 
(සිතිර හපුහින්න 19, රොන් චන්ද්‍රගුප්ත නොදැවී 39, චමත් ගෝමස් 09/4)


පානදුර ක්‍රීඩාංගණයේදී 
මහනුවර රේගු පිලට ලකුණු 49 ක ජයක්
මහනුවර රේගු පිල - ඕවර 27.5 කදී සියලු දෙනා දැවී 175 
(ඉමාල් ලියනගේ 34, මිතුන් ජයවික්‍රම 93, රවිඳු රත්නායක 41/5, රොෂාන් ජයතිස්ස 30/4)
ඒස් කැපිටල් පිල - ඕවර 26.4 කදී සියලු දෙනා දැවී 126 
(පවන්ත වීරසිංහ 56, වනුජ සහන් 16, හසිත නිර්මාල් 19/4, ඉමේෂ් උදයංග 21/2, මිතුන් ජයවික්‍රම 31/2)

 


අදහස් (0)

ද්‍රවිඩ සංගම් - මහනුවර රේගු ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.