විස්සයි 20 තරග කෙටි කලකින් සිත් ඇද බැද ගත්තද බොහෝ සුපිරි ක්‍රිඩකයන්ගේ අදහස වන්නේ වි 20 තරග වලට වඩා ඕවර 50එක්දින අන්තර්ජාතික තරග කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
බොහෝ රටවල වි 20 තරග සදහා වැඩි ඉල්ලුමක් ඇතිවී ඇති අතර එයින්ඕවර50 තරගවලට හානියක් වන බවට අදහසක් නිර්මාණයවී තිබේ.
තමන්ගේ වැඩි කැමැත්ත ඇත්තේද ඕවර50 තරගවලට බව ඕස්ට්‍රේලියානු පිලේ හිටපු ක්‍රිකට් නායක ඇලන් බෝඩර්ද පැහැදිළිවම ප්‍රකාශ කර තිබේ.
ඇලන් බෝඩර්ගේ අදහස්වලට අනුව ඕවර 50 තරග රැක ගැනීමට නම් රටවල් දෙකක් අතර පැවැත්වෙන ද්විපාර්ශ්වික වි 20 තරග ඉවත දැමිය යුතුය.
''මා වි 20 තරග ක්‍රිඩා කර නෑ.ඒත් මා හිතන්නේ ක්‍රීඩා සමාජ මට්ටමමේදී ඕනෑ තරම් වි 20 තරගාවලි තියෙනවා. අපි මොකටද තවත් ජාත්‍යන්තර තරගාවලි තියන්නේ'' යැයි බෝඩර් ඕස්ට්‍රේලියාවේ ජාතික ගුවන් විදුලි සේවය වන ඒ. බී. සී. ගුවන් විදුලි සේවයට පවසා තිබේ.
ඕස්ට්‍රේලියාව මෙවර ජාත්‍යන්තර තරගවාරය ආරමිභ කරමින් දකුණු අප්‍රිකාව සමග වි 20 තරගාවලියකට සහභාගීවූ අතර දැන් තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය ආරම්භවී තිබේ. මෙම තරගාවලියෙන් පසුව ඉන් පසුව ඉන්දියාව සහ එංගලන්තය සමග තුන්කොන් තරගාවලියකට සහභාගී වන ඕස්ට්‍රේලියාව ඉන් අනතුරුව ලෝක කුසලාන තරගාවලියට පිවිසෙයි.
"මා කැමති නෑ ඕවර 50 තරග විනාශවී යනවාට" යැයි 1987 ලෝක කුසලාන දිනූ ඔස්ට්‍රේලියානු පිලේ නායක බෝඩර් වැඩිදුරටත් පවසයි. ඕවර 50 තරග ඉතා විශිෂ්ට බවත් එළඹෙන ලෝක කුසලාන තරගාවලිය විශිෂ්ට තරගාවලියක් වනු ඇති බවත් බෝඩර් වැඩිදුරටත් පවසා තිබේ.
"ලෝක කුසලාන ආසන්නයේ වි 20 තරග ක්‍රීඩා කිරීම පුදුම සහගතයි. ඕවර 50 තරග ඉතා හොදින් ගලාගෙන යනවා.වැටීමක් සිදුවුණොත් පිතිකරුවෙකුට හෝ පන්දු යවන්නෙකුට යළි නැගිටීමට අවස්ථාවක් තියෙනවා. යළි එය මගහරවා ගත හැකියි. ඒත් වි 20 තරගවල යළි නැගිටීමට කිසිම අවස්ථාවක් නෑ"යැයි බෝඩර් වැඩිදුරටත් පවසා තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.