Last Update  :  2025-07-17 18:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දසුන්ටත් අයි.පී.එල්. වරම්

දසුන්ටත් අයි.පී.එල්. වරම්

editorial - 2023 අප්‍රේ මස 05 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ආබාධ තත්වයක් හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත්වූ නවසීලන්ත ක්‍රීඩක කේන් විලියම්සන් වෙනුවට ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායමේ නායන දසුන් ශානක සිය කණ්ඩායමට එක්කර ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ කලමණාකාරීත්වය පියවර ගෙන තිබේ.

මේ දිනවල ශ්‍රී ලංකා කණ්ඩායම සමග නවසීලන්ත සංචාරයක නිරතව සිටින දසුන්, එම සංචාරය නිමා වූ වහාම ඉන්දියාවට ගොස් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග එක්වීමට නියමිතය. ශ්‍රී ලංකා - නවසීලන්ත සංචාරයේ ඉතිරිව ඇත්තේ තවත් එක් විස්සයි-20 තරගයක් පමණි.

චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැති සමාරම්භක තරගයේදී දණහිසේ ආබාධයකට ලක්වීම හේතුවෙන් පන්දුවට පහරදීමට නොපැමිණි විලියම්සන්, පසුව මෙවර තරගාවලියේ සෙසු තරග සඳහා සහභාගි ‍නොවන බව දැනුම් දෙමින් ආපසු සිය රට බලා පිටත්ව ගියේය.

මින් පෙර අයි.පී.එල්. තරගාවලියකට සහභාගි වී නොමැති දසුන්, මෙවර තරගාවලිය සඳහා ගුජරාට් කණ්ඩායමට එක්කර ගෙන ඇත්තේ ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මුදලකටය. එය පවතින විනිමය අනුපාතයට අනුව ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝ‍ටි 2 කට ආසන්න වේ.

අවසන් වරට ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේදී පැවැති විස්සයි-20 තරගාවලියේ තරග 3 කදී ලකුණු 124 ක් රැස්කිරීමට දසුන් සමත් වූ අතර එහිදී ඔහුගේ ලකුණු රැස්කිරීමේ වේගය 187 ක් ලෙස සටහන් විය. එම තරගාවලියට පෙර පැවැති එක්දින තරගාවලියේදී ඉන්දියාවට එරෙහිව ශතකයක් ලබාගැනීමටද දසුන් සමත් විය.

-036


අදහස් (1)

දසුන්ටත් අයි.පී.එල්. වරම්
  • Bryan Silva Thursday, 06 April 2023 03:15 PM

    ඔහු දක්ෂ වි20 ක්‍රීඩකයෙකි.. ඔහුට ත්‍යාග ලබාදිය යුතුයි...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.