Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දඹුල්ල පළමු ඉනිම 277 කට සීමාවෙයි
නැෂනල් සුපර් ලීග්

දඹුල්ල පළමු ඉනිම 277 කට සීමාවෙයි

editorial - 2022 මාර් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පන්දු යවන්නන්ගේ දක්ෂතාව හේතුවෙන් කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (3 වැනිදා) ආරම්භ වූ නැෂනල් සුපර් ලීග් (පළමු පෙළ) තරගාවලියේ තෙවැනි තරගයේදී දඹුල්ල කණ්ඩායමේ පළමු ඉනිමට ලකුණු 277 කට සීමා කිරීමට කොළඹ කණ්ඩායමේ පන්දු යවන්නෝ සමත්වූහ.

අෂාන් ප්‍රියංජන් (61) සහ චමිඳු විජේසිංහ (නොදැවී 54) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර ලියෝ ෆ්‍රැන්සිස්කෝ ලකුණු 36 ක්, ළහිරු සමරකෝන් ලකුණු 35 ක් සහ මාලින්ද පුෂ්පකුමාර ලකුණු 35 ක් ලබාගනිමින් දඹුල්ල පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ.

ලක්ෂිත මනසිංහ කඩුලු 3 ක් ද, කසුන් රාජිත, නිසල තාරක සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

පළමු දිනය අවසන් වනවිට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි කොළඹ කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 46 ක් රැස්කර සිටියේය. නිපුන් ධනංජය නොදැවී ලකුණු 24 ක් සහ ක්‍රිෂාන් සංජුල නොදැවී ලකුණු 18 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැ`සී සිටිති.

කාසියේ වාසිය දිනාගත් දඹුල්ල කණ්ඩායම පළමුව පන්දුවට පහරදීලුට තීරණය කළේය. හෙට (4 වැනිදා) තරගයේ දෙවැනි දිනයයි.

දඹුල්ල පළමු ඉනිම - සියලුදෙනා දැවී 277
(ලියෝ ෆ්‍රැන්සිස්කෝ 36, අෂාන් ප්‍රියංජන් 61, ළහිරු සමරකෝන් 35, චමිඳු විජේසිංහ නොදැවී 54, මාලින්ද පුෂ්පකුමාර 35, ලක්ෂිත මනසිංහ 78/3, කසුන් රාජිත 32/2, නිසල තාරක 57/2, ප්‍රභාත් ජයසූරිය 57/2)

කොළඹ පළමු ඉනිම - කිසිවකු නොදැවී 46
(නිපුන් ධනංජය නොදැවී 24, ක්‍රිෂාන් සංජුල නොදැවී 18)


අදහස් (0)

දඹුල්ල පළමු ඉනිම 277 කට සීමාවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.