Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට එරෙහිව හම්බන්තොට මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී අද (19 වැනිදා) පැවැත්වෙන පිළිමළුන් පිටුදැකීමේ තරගයෙන් කඩුලූ 6 ක ජයක් වාර්තා කළ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.
දඹුල්ල කණ්ඩායම සහ අද රාති‍්‍රයේ පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේ ජයග‍්‍රාහකයන් අතර දෙවැනි අවසන් පූර්ව තරගය හෙට (21 වැනිදා) පැවැත්වීමට නියමිතය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 146 ක ඉලක්කයක් හඹාගිය දඹුල්ල ජයන්ට්ස් කී‍්‍රඩකයෝ පන්දු 7 ක් ඉතිරිව තිබියදී කඩුලූ 4 ක් පමණක් දැවී පහසුවෙන්ම එම ඉලක්කය සපුරාගත්හ. ඉවසිලිවන්ත පිතිහරඹයක නිතර වූ ජනිත් ලියනගේ පන්දු 47 කදී හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 56 ක් රැස්කරමින් දඹුල්ල කණ්ඩායමේ ජයග‍්‍රහණය තහවුරු කළේය. මෙවර තරගාවලියේ තරග 3 කට පමණක් කී‍්‍රඩා කළ ජනිත්, එහිදී ලබාගත් දෙවැනි අර්ධ ශතකය මෙය විය.
පිලිප් සොල්ට් (32) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 33 කදී ලකුණු 48 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ජනිත් ලියනගේ, ඉන් නොනැවතී නජිබුල්ලා සද්රාන් (34) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 52 කදී ලකුණු 61 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායම ජයග‍්‍රහණය කරා ගෙන ගියේය.
පන්දු 28 කට මුහුණදුන් සද්රාන් හයේ පහර 2 කින් සහ හතරේ පහරකින් සිය ඉනිම සැරසූ අතර පන්දු 21 කදී වාර්තා වූ සෝල්ට්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කලම්බු ස්ටාර්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 145 ක් ලබාගත්තේය. කොළඹ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 34 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 50 ක් රැුස්කිරීමට සමත් විය.
ආරම්භක පිතිකරුවාගේ භූමිකාවෙන් මිදී අංක 3 ස්ථානයේ පන්දුවට පහරදුන් පැතුම් නිස්සංක පන්දු 39 කදී ලකුණු 42 ක් රැුස්කළේ හතරේ පහර 4 ක් සමගිනි.
මෙම තරගයට පෙර ලකුණු 55 ක සාමාන්‍යයක් සහ 152 ලකුණු රැස්කිරීමේ වේගයක් රඳවාගනිමින් තරග 8 කදී ලකුණු 275 ක් ලබා තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටි දිනේෂ් චන්දිමාල්ට මෙම තරගයේදී පන්දු 3 කින් ලබාගත හැකි වූයේ ලකුණු 2 ක් පමණි. මුල් පෙළ පිතිකරුවකු ලෙස කටයුතු කරන චන්දිමාල්ට මෙම තරගයේදී 17 වැනි ඕවරයේ 5 වැනි පන්දුව අවසානයේ ලකුණු 119 කට කඩුලූ 5 ක් බිඳවැටෙන තෙක්ම පන්දුවට පහරදීම සඳහා අවස්ථාවක් නොලැබීම කැපී පෙනෙන සිදුවීමක් විය.
කොළඹ ස්ටාර්ස් පිල - ඕවර 20 කදී කඩුලූ 6 කට 145
(පැතුම් නිස්සංක 42, ධනංජය ද සිල්වා 15, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 50, නුවන් ප‍්‍රදීප් 23/2, ඉම්රාන් තාහීර් 25/2)
දඹුල්ල ජයන්ට්ස් පිල - ඕවර 18.5 කදී කඩුලූ 4 කට 146
(පිලිප් සෝල්ට් 32, ජනිත් ලියනගේ නොදැවී 56, නජිබුල්ලා සද්රාන් 34)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.