Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දඹුල්ල ක්‍රීඩිකාවෝ කාන්තා සුපිරි ලීගය දිනති

දඹුල්ල ක්‍රීඩිකාවෝ කාන්තා සුපිරි ලීගය දිනති

editorial - 2024 පෙබ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ කාන්තා සුපිරි ලීග එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට දඹුල්ල ක්‍රීඩිකාවෝ අද (12 වැනිදා) සමත් වූහ. අවසන් මහ තරගයේදී කොළඹ ක්‍රීඩිකාවන්ට එරෙහිව කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කරමින් ඔවුහු එම ශූරතාවට හිමිකම් කීහ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 67 ක පහසු ඉලක්කයක් හඹා ගිය දඹුල්ල ක්‍රීඩිකාවෝ, ඕවර 11.2 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියහ. එහිදී ආරම්භක පිතිකාරිණී සඳලි වීරසිංහ හතරේ පහර 3 ක් සමග පන්දු 33 කදී නොදැවී ලකුණු 18 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළාය. 

කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ කාන්තා කණ්ඩායමට මනුදි නානායක්කාර ප්‍රමුඛ දඹුල්ල පන්දු යවන්නියන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ ඕවර 25.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 66 ක් පමණි. 

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ මනුඳි නිලකුණු ඕවරයක්ද සමග ඕවර 6 ක් යවමින් ලකුණු 18 කට කඩුලු 5 ක් දවාගත්තාය. නිමේෂා මධුෂානි ලකුණු 13 කට කඩුලු 3 ක්ද, සත්‍යා සංදීපනී ලකුණු 12 කට කඩුලු 2 ක් ද බිඳහෙළමින් කොළඹ කාන්තා ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා මනුදිට අනගි සහායක් දුන්හ. 


කොළඹ කාන්තා පිල - ඕවර 25.3 කදී සියලු දෙනා දැවී 66
(ප්‍රසාදනී වීරක්කොඩි 19, ජනාදි අනාලි 14, මනුදි නානායක්කාර 18/5, නිමේෂා මධුෂානි 13/3, සත්‍යා සංදීපනී 12/2) 

දඹුල්ල කාන්තා පිල - ඕවර 11.2 කදී කඩුලු 3 ක් දැවී 68 
(සඳලි වීරසිංහ නොදැවී 18, හර්ෂිතා සමරවික්‍රම 13) 

 

හර්ෂිතා සමරවික්‍රම ...

 

මනුදි නානායක්කාර...

 

ප්‍රසාදනී වීරක්කොඩි සහ නවෝද්‍යා නෙත්මිණී... 

 

සඳලි වීරසිංහ...


අදහස් (0)

දඹුල්ල ක්‍රීඩිකාවෝ කාන්තා සුපිරි ලීගය දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.