Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දඹුල්ල ක්‍රීඩකයෝ සිවුවැනි ජයත් ලබති
ජාතික සුපරි ලීගය

දඹුල්ල ක්‍රීඩකයෝ සිවුවැනි ජයත් ලබති

editorial - 2023 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග එක්දින තරගාවලියේ යාපනය කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාගංණයේදී ඊයේ (24 වැනිදා) පැවැති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 76 ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල කණ්ඩායම සමත් විය. 

ජයග්‍රහණය සඳහා යාපනය කණ්ඩායමට ලකුණු 233 ක ඉලක්කයක් හිමිවුවද, ඕවර 25 ක් අවසානයේ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට යාපනය කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලබා සිටියේ ලකුණු 125 ක් පමණි. යාපනය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ කසුන් අබේරත්න පන්දු 66 කදී හතරේ පහර 7 ක් සමග ලකුණු 52 ක් රැස්කළේය.

පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ ළහිරු සමරකෝන් ඕවර 4 ක් යවමින් ලකුණු 26 කට කඩුලු 2 ක් දවාගත් අතර රනිත් ලියනගේ සහ සොනාල් දිනූෂද කඩුලු 2 බැගින් බිඳහෙළමින් යාපනය පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා ළහිරුට අනගි සහායක් ලබාදුන්හ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම ඕවර 48.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 233 ක් ලබාගත් අතර 9 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ළහිරු සමරකෝන් පන්දු 43 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් සමග වේගවත් ලකුණු 66 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. 

දඹුල්ල පිල - ඕවර 48.1 කදී සියලු දෙනා දැවී 233  
(අභිෂේක් ලියනාරච්චි 18, මිනෝද් භානුක 15, පවන් රත්නායක 26, රසිත් අබේරත්න 17, රනිත ලියනාරච්චි 17, අෂාන් ප්‍රියන්ජන් 24, සොනාල් දිනූෂ 20, ළහිරු සමරකෝන් 66, ජෙෆ්රි වැන්ඩසේ 42/3, රවිඳු ප්‍රනාන්දු 30/2, ෂිරාන් ප්‍රනාන්දු 50/2) 

යාපනය පිල - ඕවර 25 කදී කඩුලු 8 ක් දැවී 125 
(කසුන් අබේරත්න 52, රනිත ලියනාරච්චි 10/2, ළහිරු සමරකෝන් 26/2, සොනාල් දිනූෂ 30/2)

 


අදහස් (0)

දඹුල්ල ක්‍රීඩකයෝ සිවුවැනි ජයත් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.