Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දකුණු අප‍්‍රිකාවට ලකුණු 305 ක ඉලක්කයක්
සෙන්චූරියන් ටෙස්ට් තරගය

දකුණු අප‍්‍රිකාවට ලකුණු 305 ක ඉලක්කයක්

editorial - 2021 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වේගපන්දු යවන්නන් වූ කගිසෝ රබාඩා (42/4), මාර්කෝ ජැන්සන් (55/4) සහ ලූන්ගි න්ගිඩිගේ (31/2) දස්කම් හමුවේ සෙන්චූරියන්හිදි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ අද (29 වැනිදා) ඉන්දීය දෙවැනි ඉනිම ලකුණු 174 කට සීමා කිරීමට දකුණු අප‍්‍රිකාව සමත්විය. ඒ අනුව දකුණු අප‍්‍රිකාවට ජයග‍්‍රහණය සඳහා ලකුණු 305 ක ඉලක්කයක් හිමිවිය.

පළමු ඉනිමේදී ලකුණු 130 ක වාසියක් සමගින් දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදීමට පැමිණි ඉන්දීය කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කරමින් ජයග‍්‍රහණයේ බලාපොරොත්තු ඇති කර ගැනීමට දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩකයෝ සමත්වූහ.

රිෂාබ් පාන්ට් ලකුණු 34 ක් ලබාගනිමින් ඉන්දීය දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අතර ලෝකේෂ් රාහුල් ලකුණු 23 ක් සහ අජින්ක්‍යා රහනේ ලකුණු 20 කටත් සීමා කිරීමට දකුණු අප‍්‍රිකානු පන්දු යවන්නෝ සමත්වූහ.

වේගපන්දු යවන්නන් වන කගිසෝ රබාඩා සහ මාර්කෝ ජැන්සන් කඩුලූ 4  බැගින්ද, ලූන්ගි න්ගිඩි කඩුලූ 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත්වූහ.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 305 ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි දකුණු අප‍්‍රිකාවට තේ පානය සඳහා තරගය නතර කරන විට කඩුල්ලක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 22 ක් පමණි. ඒ අනුව ජයග‍්‍රහණය සඳහා තවත් ලකුණු 283 ක් පසුපසින් දකුණු අප‍්‍රිකාව පසුවන්නේය.

කීගන් පීටර්සන් ලකුණු 12 ක් සහ ඞීන් එල්ගාර් ලකුණු 9 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.


ඉන්දිය පළමු ඉනිම - සියලූදෙනා දැවී 327
දකුණු අප‍්‍රිකා පළමු ඉනිම - සියලූදෙනා දැවී 197
ඉන්දිය දෙවැනි ඉනිම - සියලූදෙනා දැවී 174

(ලෝකේෂ් රාහුල් 23, අජින්ක්‍යා රහනේ 20, රිෂාබ් පාන්ට් 34, කගිසෝ රබාඩා 42/4, මාර්කෝ ජැන්සන් 55/4, ලූන්ගි න්ගිඩි 31/2)
දකුණු අප‍්‍රිකා දෙවැනි ඉනිම - කඩුල්ලක් දැවී 22


අදහස් (0)

දකුණු අප‍්‍රිකාවට ලකුණු 305 ක ඉලක්කයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.