Last Update  :  2025-08-13 19:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දකුණු අප්‍රිකාවේ ටෙස්ට් නායකත්වය ඩිකොක්ට

දකුණු අප්‍රිකාවේ ටෙස්ට් නායකත්වය ඩිකොක්ට

editorial - 2020 දෙසැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

 
ඉදිරියේ එන ක්‍රිකට් වාරය සඳහා දකුණු අප්‍රිකාවේ ටෙස්ට් නායකයා ලෙස ක්වින්ටන් ඩි කොක් නම් කරන ලදී. ඩි කොක් පසුගිය තරග සමයේදී දකුණු අප්‍රිකානු සීමිත ඕවර කණ්ඩායම්වල නායකයා ලෙස පත් කරනු ලැබුවද, ඒ වන විට ටෙස්ට් නායකයෙකු ලෙස ක්‍රිකට් දකුණු අප්‍රිකානු ක්‍රිකට් අධ්‍යක්ෂ ග්‍රේම් ස්මිත් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

ස්මිත් අප්‍රේල් මාසයේ දී කියා සිටියේ සීමිත ඕවර නායකයා, කඩුලු රකින්නා මෙන්ම කණ්ඩායමේ ප‍්‍රමුඛ පිතිකරුවෙකුද වීම නිසා ටෙස්ට් නායකයා වීමෙන් ඩී කොක්ට අධික බරක් පැටවෙනු ඇති බවයි. කෙසේ වෙතත් දකුණු අප්‍රිකානු තේරීම් කමිටුවේ කැඳවුම්කරු වික්ටර් එම්පිට්සාං පැවසුවේ ස්ථිර පත්වීමක් ලැබීමට පෙර තාවකාලික කාලයක් සඳහා ඩී කොක් මෙම භූමිකාව භාර ගැනීමට ලැබීම සම්බන්ධයෙන් සතුටට පත්වන බවයි.

දෙසැම්බර් 26 වැනිදා සිට ශ්‍රී ලංකාවට එරෙහිව ආරම්භ කෙරෙන ටෙස්ට් තරගාවලියෙන් පසුව ඔවුන් පාකිස්තානයේදී ටෙස්ට් තරග දෙකකට ක්‍රීඩා කිරීමට නියමිතය. ඉන් අනතුරුව ඕස්ට්‍රේලියාවට එරෙහිව තවත් තරගාවලියක් පැවැත්වේ.

"ජාතික තේරීම් කමිටුව වශයෙන්, කණ්ඩායම තුළ අඛණ්ඩතාව සහතික කිරීම සඳහා අප විසින් ගනු ලැබූ තීරණය පිළිබඳව අපි සෑහීමකට පත්වෙනවා. කාල සීමාවන්ගෙන් තොරව එහි අනාගතය සඳහා හොඳම තීරණයක් ගැනීමට අපි කටයුතු කරනවා" යැයි එම්පිට්සාං මහතා පැවසීය.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් තේරීම් කමිටුව ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලිය සඳහා 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කළේය. පිතිකරුවන් වන සාරෙල් අර්වී, කීගන් පීටර්සන් සහ කයිල් වර්රීන් සහ වේග පන්දු යවන ක්‍රීඩක ග්ලෙන්ටන් ස්ටුවර්මන් අතරට තුන් ඉරියව් ක්‍රීඩක වියාන් මල්ඩර් එක්වෙයි. ප්‍රමුඛ පෙළේ වේග පන්දු යවන ක්‍රීඩක කගිසෝ රබාඩා සහ ඩ්වේන් ප්‍රිටෝරියස් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගාවලියට තෝරා ගෙන නැත.

පිතිකරුවන් වන ටෙම්බා බාවුමා සහ ඒඩන් මක්රම් දිගුකාලීන නායකත්ව අපේක්ෂකයන් ලෙස සලකනු ලැබුවද ඊට පෙර ඔවුන් දෙදෙනාම කණ්ඩායමේ තම තමන්ගේ ස්ථාන තහවුරු කර ගත යුතුය.

ක්වින්ටින් ඩි‘කොක් එක්දින ජාත්‍යන්තර තරග 8 කදී සහ විස්සයි-20 තරග 20 කදී දකුණු අප්‍රිකානු පිලට නායකත්වය දී තිබේ.

දකුණු අප්‍රිකානු සංචිතය සිය පුහුණුවීම් සඳහා දෙසැම්බර් 19 වනදා එකතු වනු ඇත.

 


දකුණු අප්‍රිකානු සංචිතය
ක්වින්ටන් ඩි කොක් (නායක), ටෙම්බා බවුමා, ඒඩන් මක්රම්, ෆෆ් ඩු ප්ලෙසිස්, බියුරන් හෙන්ඩ්‍රික්ස්, ඩීන් එල්ගාර්, කේෂව් මහරාජ්, ලුන්ගි න්ගිඩි, රාසි වැන්ඩර්-ඩසන්, සාරෙල් අර්වී, ඇන්රිච් නෝයේ, ග්ලෙන්ටන් ස්ටුවර්මන් සහ කීගන් පීටර්සන්, වියාන් මල්ඩර් සහ කයිල් වර්රීන්

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලිය
දෙසැම්බර් 26-30, සෙන්චූරියන් නුවරදී
ජනවාරි 3-7, ජොහැන්නස්බර්ග් නුවරදී 

- 213

 


අදහස් (0)

දකුණු අප්‍රිකාවේ ටෙස්ට් නායකත්වය ඩිකොක්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.