Last Update  :  2024-05-20 18:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දකුණු අප්‍රිකාවට තියුණු ජයක්
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

දකුණු අප්‍රිකාවට තියුණු ජයක්

editorial - 2023 ඔක් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ චෙන්නායි නුවරදී අද (27 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී පාකිස්තානු කණ්ඩායම පරාජය කළ දකුණු අප්‍රිකානුවෝ කඩුලු 1 ක තියුණු ජයක් අත්කර ගත්හ. ලකුණු 271 ක ඉලක්කය කරා යාමට අවසන් මොහොතේදී අභීත සටනක් කළ දකුණු අප්‍රිකානුවෝ ඕවර 2.4 ක් ඉතිරිව තිබියදී තරගය ජයගත්හ. 

දකුණු අප්‍රිකාව වෙනුවෙන් අති විශිෂ්ට මෙහෙවරක් කළ ඒඞ්න් මාක්රම් හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් ද සහිතව, පන්දු 93 කින් ලකුණු 91 ක් ලබාගත්තේය. මාක්රම් පිටියේ සිටියදී ලකුණු පුවරුව දිස්වූයේ කඩුලු 6 ට 250 ක් ලෙසිනි. ඉලක්කය කරා යාමට අවශ්‍ය වූ ලකුණු 21 ලබාගැනීම සඳහා ඕවර 10 ක් ම ඉතිරිව තිබියදී මාක්රම් දැවී ගියේය. ඕවර 5 ක් ඇතුළත, ලකුණු 10 ක් තුළදී තවත් පිතිකරුවන් දෙදෙනකු දැවී යාම නිසා හදිසියේම ලකුණු පුවරුව කඩුලු 9 කට 260 ක් ලෙසින් කියැවිණ. 

අවසන් පිතිකරුවා වූ තබ්රේස් ශම්සි කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවූයේ යයි කළ ඉල්ලීමට විනිසුරු අනුමැතිය නොලැබිණ. විතීවි අදියර කරා ගියද විනිසුරුවරයාගේ තීන්දුව අවසන් තීරණය වූ හෙයින් පාකිස්තානු ජය වැළකී ගියේය. පන්දු හතකට පසුව දකුණු අප්‍රිකානුවෝ ජයගත්හ. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ නමුත් පාකිස්තානු පිතිකරුවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 270 කි. චයිනමන් පන්දු යැවූ තබ්රේස් ශම්සි සිය ඕවර 10 න් ලකුණු 60 ක් තිළිණ කළ නමුත් කඩුලු 4 ක් දවාගත්තේය.

 ශම්සිට අගනා සහයෝගයක් දුන් වේග පන්දු යවන මාකෝ ජැන්සන් (43/3) සිය මුල්ම ඕවර 6 ලකුණු 29 කට සීමාකරගත් හෙයින් 30 වැනි ඕවරය නිමාවේදී පාකිස්තානු ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 5 ට 151 ක් ලෙසිනි. අවසන් ඕවර 20 දී ලකුණු හඹා ගිය පාකිස්තානු පිතිකරුවෝ ඕවර 50 නිමාවීමට පෙරම දැවී ගියහ. 
ස්ථාවර පිතිහරඹයක නිරත වූ පාකිස්තානු නායක බාබර් අසාම් පන්දු 65 කින් ලකුණු 50 ක් ලබාගත් අතර සවුද් ශකීල් පන්දුවකට ලකුණක් ගානේ ලබාගනිමින් පන්දු 52 කින් ලකුණු 52 ක් ලබාගත්තේය. ඒ අතරවාරයේදී ශදාබ් ඛාන් පන්දු 36 කින් ලකුණු 43 ක් ලබාගත්තේය. 

සවුද් ශකීල් සහ ශදාබ් ඛාන් අතර හයවැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව ලකුණු 84 කි. 


පාකිස්තානය - ඕවර 46.4 කදී සියලු දෙනා දැවී 270 යි
(ඉමාම් උල් හක් 12, බාබර් අසාම් 50, මොහොමඞ් රිස්වාන් 31, ඉෆ්තිකාර් අහමඞ් 21, සවුද් ශකීල් 52, ශදාබ් ඛාන් 43, මොහොමඞ් නවාස් 24, මාකෝ ජැන්සන් 43/3, ජොරල්ඞ් කොඑට්සි 42/2, තබ්රේස් ශම්සි 60/4)

දකූණු අප්‍රිකාව - ඕවර 47.2 කදී කඩුලු 9 ක් දැවී 271 යි
(ටෙම්බා බවුමා 28, ක්වින්ටින් ඩි’කොක් 24, රාසි වැන්ඩර් ඩසන් 21, ඒඞ්න් මාක්රම් 91, හෙන්රික් ක්ලාසන් 12, fඩිව්ඞ් මිලර් 29, මාකෝ ජැන්සන් 20, ජෙරල්ඞ් කොඑට්සි 10, ශහීන් ෂා අෆ්රීඩි 45/3, හාරිස් රවුෆ් 62/2, මොහොමඞ් වසිම් 50/2, උසාමා මීර් 45/2)

- 213


අදහස් (0)

දකුණු අප්‍රිකාවට තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.