Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දකුණු අප්‍රිකාව 197 කට සීමා වෙයි
සෙන්චූරියන් ටෙස්ට් තරගය

දකුණු අප්‍රිකාව 197 කට සීමා වෙයි

editorial - 2021 දෙසැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය පන්දු යවන්නන්ගේ දස්කම් හමුවේ සෙන්චූරියන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (28 වැනිදා) සිය පළමු ඉනිම සඳහා දකුණු අප‍්‍රිකාව රැස් කිරීමට හැකිවූයේ ලකුණු 197 ක් පමණි. ඒ අනුව ඉන්දියාව පළමු ඉනිමට රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 130 ක් පසුපසින් දකුණු අප‍්‍රිකාව පසුවීය.

තෙවැනි දිනට අද තරගය අවසන් කරන විට සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම ලකුණු 16 කය එක් කඩුල්ලක් අහිමිකර ගත්තේය.

ටෙම්බා බවුමා අර්ධ ශතකයක් (52) ලබාගත් අතර සෙසු පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට ඉන්දීය පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමිනොවූහ.

ලකුණු 32 කට කඩුලූ 4 ක් දැවී තිබියදී 5 වැනි කඩුල්ල සඳහා එක්වූ ටෙම්බා බවුමා සහ කුයින්ටන් ඩි‘කොක් එක්ව ලකුණු 72 ක සම්බන්ධතාවක් ගොඩනැගූ නමුත් කුයින්ටන් ඩි‘කොක් දැවී යාමත් සමගින් එම සම්බන්ධතාවට තිත තැබුණි.

පළමු දින තරගය නතර කරන විට ලකුණු 272 කට කඩුලූ 3 ක් අහිමිකර ගෙන සිටි ඉන්දීය කණ්ඩායම අද දිනයේදී සියලූදෙනා දැවී ලකුණු 327 ක් රැස්කිරීමට සමත්විය. වර්ෂාව හේතුවෙන් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (27 වැනිදා) ක‍්‍රීඩා කිරීමට නොහැකි විය.

ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් ලකුණු 123 ක් රැස්කර සිටියදී කගිසෝ රාබාඩාගේ පන්දුවක් හමුවේ කුයින්ටන් ඩිකොක් අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය. අජින්ක්‍යා රහනේ ලබාගැනීමට හැකිවූයේ ලකුණු 48 ක් පමණි.

අවසන් කඩලූ 7 ලකුණු 49 ක් තුල දවාගනිමින් ඉන්දිය පළමු ඉනිම අවසන් කිරීමට දකුණු අප‍්‍රිකානු පන්දු යවන්නෝ සමත්වූහ. ලූන්ගි න්ගිඩි ලකුණු 71 කට කඩුලූ 6 ක් සහ කගිසෝ රබාඩා ලකුණු 72 කට කඩුලූ 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


ඉන්දියා පළමු ඉනිම - සියලූදෙනා දැවී 327
(ලෝකේෂ් රාහුල් 123, මයන්ක් අගර්වාල් 60, විරාට් කෝලී 35, අජින්ක්‍යා රහනේ 48, ලූන්ගි න්ගිඩි 71/6, කගිසෝ රබාඩා 72/3)

දකුණු අප‍්‍රිකා පළමු ඉනිම - සියලුදෙනා දැවී 197
(ටෙම්බා බවුමා 52, කුයින්ටන් ඩි‘කොක් 34, කගිසෝ රබාඩා 25, මොහොමඩ් ශාමී 44/5, ජස්ප්‍රීට් බුම්රා 16/2, ශර්දුල් ඨාකූර් 51/2)

ඉන්දීය දෙවැනි ඉනිම - කඩුල්ලක් දැවී 16

- 2079


අදහස් (0)

දකුණු අප්‍රිකාව 197 කට සීමා වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.