Last Update  :  2026-02-18 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දකුණු අප්‍රිකානුවන්ට පහසු ජයක්
විස්සයි-20 ලෝක කුසලාන

දකුණු අප්‍රිකානුවන්ට පහසු ජයක්

editorial - 2026 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවදිල්ලියේදී අද (18 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී දකුණු අප්‍රිකානුවෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරාජය කරමින් කඩුලු 6 ක පහසු ජයක් අත්කර ගත්හ.
 
වර්ෂාවෙන් බාධා ඇතිවූවද තරගය සම්පූර්ණයෙන්ම පැවැත්විය හැකිවිය. එක්සත් අරාබි එමීර් කණ්ඩායම ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 122 ක් ලබාගත්තේය. දකුණු අප්‍රිකානුවෝ පන්දු 40 ක් ඉතිරිව තිබියදී පහසුවෙන්ම ඉලක්කය පසුකර ගියහ. 
 
කෝබින් බොෂ් තම ඕවර 45 ලකුණු 12 කට සීමාකරමින්, කඩුලු 3 ක් දවාගත් අතර අරාබි ක්‍රීඩකයන්ගේ ලකුණු 122 දකුණු අප්‍රිකානුවන් හමුවේ කිසිසේත්ම ප්‍රමාණවත් නොවීය. 
 
පහසු ඉලක්කයක් කරා යාමේදී ඒඩ්න් මාක්රම්, රයාන් රික්ල්ටන් සහ ඩිවෝල්ඩ් බ්‍රෙවිස් තිදෙනා ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වෙමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන ගියහ. 
 
 
එක්සත් අරාබි එමීර් රාජ්‍යය - ඕවර 20 කදී කඩුලු 6 ට 122 යි
(ආර්යන්ශ් ෂර්මා 13, මොහොමඩ් වසීම් 22, අලිෂාන් ෂාරෆු 45, මොහොමඩ් අර්ෆාන් 11, ඇන්රික් නොකියා 28/2, කෝබින් බොෂ් 12/3)
 
දකුණු අප්‍රිකාව - ඕවර 13.2 කදී කඩුලු 4 ට 123 යි
(ඒඩ්න් මාක්රම් 28, ක්වින්ටින් ඩි’කොක් 14, රයාන් රික්ල්ටන් 30, ඩිවෝල්ඩ් බ්‍රෙවිස් 36)
 
- 213

අදහස් (0)

දකුණු අප්‍රිකානුවන්ට පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.