Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දක්ෂතම කී‍්‍රඩකයා උදය : කී‍්‍රඩිකාව හංසනී

දක්ෂතම කී‍්‍රඩකයා උදය : කී‍්‍රඩිකාව හංසනී

ශනුක අරවින්ද - 2015 ඔක් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘මහීපාල හේරත්’ අභියෝග ශූරතා සමස්ත ලංකා ශෙණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස මහනුවර විද්‍යාර්ථ විදුහලේ උදය රණසිංහත්, දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස කොළඹ විශාකා විදුහලේ හංසනී පියුමිලාත් සම්මාන දිනාගත්හ.

බාලක වයස 18 න් පහළ අවසන් මහ තරගයේදී තරග වට 3-0 ක් ලෙස ආනන්ද විදුහලේ සුපුන වරුසවිතාන පරාජය කරමින් උදය රණසිංහ තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා බවට පත්විය.

හංසනී පියුමිලා තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩිකාව බවට පත්වූයේ බාලිකා වයස 18 න් පහළ අවසන් මහ තරගයේදී තරග වට 3-1 ක් ලෙස කොළඹ විශාකා විදුහලේ චමත්සරා ප‍්‍රනාන්දු පරාජය කරමිනි.

කෑගල්ල දිස්ති‍්‍රක් මේසපන්දු සංගමයේ සංවිධානයෙන් කෑගලූ විද්‍යාල ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පාසල්වල කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ රැසක් සහභාගී වූහ.

බාලක තරග ප‍්‍රතිඵල

වයස 10 න් පහළ
සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස අල්තීෆ් රුස්ති (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි. (06/11, 11/06, 11/02, 07/11, 11/09)

වයස 12 න් පහළ
චනුල් දුල්සෙන් (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස තිසස් රංචාගොඩ (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි. (13/11, 11/07, 11/07)

වයස 15 න් පහළ
පී. ඞී. යූ. තෙන්නකොන් (මහනුවර ධර්මරාජ විදුහල) විසින් තරග වට 3-2  ක් ලෙස විරුණක හේනදහේවා (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි. (09/11, 11/01, 05/11, 11/03, 15/13)

වයස 18 න් පහළ
උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස සුපුන වරුසවිතාන (කොළඹ ආනන්ද විදුහල) පරාජය කරන ලදි. (11/08, 12/10, 11/08)

බාලිකා තරග ප‍්‍රතිඵල

වයස 10 න් පහළ
බිමින්දි බණ්ඩාර (කෑගල්ල සසෙක්ස් විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස දිල්නි තෙසන්යා (අම්බලන්ගොඩ ප‍්‍රජාපතී ගෝතමී බාලිකා විදුහල) පරාජය කරන ලදි. (06/11, 11/06, 11/02, 11/07, 11/09)

වයස 12 න් පහළ
නදිති රෙහන්සා (අම්බලන්ගොඩ ප‍්‍රජාපතී ගෝතමී බාලිකා විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස කවිෂ්කා කාවින්දි (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදි. (11/07, 11/05, 11/08)

වයස 15 න් පහළ
ඉමාෂා ද සිල්වා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස තනුෂි රොද්‍රිගූ (මහනුවර මහාමායා විදුහල) පරාජය කරන ලදි. (07/11, 11/08, 11/08, 11/08)

වයස 18 න් පහළ
හංසනී පියුමිලා (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස චමත්සරා ප‍්‍රනාන්දු (කොළඹ විශාකා විදුහල) පරාජය කරන ලදි. (11/05, 03/11, 11/06, 11/05)

 


අදහස් (0)

දක්ෂතම කී‍්‍රඩකයා උදය : කී‍්‍රඩිකාව හංසනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.