Last Update  :  2026-03-31 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දියගම ක‍්‍රීඩාංගණය රජයට පවරාගන්න යයි

දියගම ක‍්‍රීඩාංගණය රජයට පවරාගන්න යයි

රොෂාන් ගුණරත්න - 2016 පෙබ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දැනට හෝමාගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ පවතින දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණය ක‍්‍රීඩා අමාත්‍යංශයට පවරා ගැනීමට කටයුතු කරන බව ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23 වැනිදා) පැවසීය.


එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය අංශු මාරසිංහ මහතා වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් ඇසු ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා එසේ කීය.


ඇමතිවරයා මෙසේද කීය.


මෙම ක‍්‍රීඩාංගණය දැනට හෝමාගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ පවතින්නාවූ නමුත් එහි අයිතියක් ක‍්‍රීඩා අමාත්‍යාංශයට නැහැ.


මේ වනවිට මෙම ක‍්‍රීඩාංගණය නවීකරණය කිරීමට රුපියල් මිලියන 65 ක් ලබාදීමට කටයුතු කර තිබෙනවා. එය ක‍්‍රීඩා අමාත්‍යාංශයට පවරා ගෙන දියුණු කිරීමට බලාපොරොත්තු වනවා යැයිද ඇමතිවරයා කීය.

 


අදහස් (0)

දියගම ක‍්‍රීඩාංගණය රජයට පවරාගන්න යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.