Last Update  :  2026-04-04 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දිල්හාර අහසින් පාත්වෙයි

දිල්හාර අහසින් පාත්වෙයි

ශනුක අරවින්ද - 2014 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 11 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිලට එරෙහිව හෙට (05) කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින තරගය සදහා නම් කර ඇති 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට වේග පන්දු යවන ක‍්‍රීඩක දිල්හාර ප‍්‍රනාන්දු කැදවීම බොහෝ දෙනකුගේ විමතියට හේතු වී තිබේ.

දකුණතින් වේග පන්දු යවන දිල්හාර 2012 වසරේ ජනවාරි මාසයෙන් පසුව එක්දින තරගයකට ක‍්‍රීඩා කර නොමැති අතර දිල්හාර මිට පෙරද උඩින් පාත්වීමේ සම්ප‍්‍රදාය අනුගත වූ ක‍්‍රීඩකයකු ලෙස ප‍්‍රසිද්ධික් උසුළයි.

දිල්හාර සංචිතයට කැදවීමට සාධාරණ හේතුවක් සොයා ගැනීමට නොහැකි අතර කසුන් මධුසංඛ වැනි තරුණ ක‍්‍රීඩකයකුට මේ අවස්ථාව දුන්නේ නම් මීට වඩා ප‍්‍රයෝජනයක් ගැනිමේ අවස්ථාව තිබේ. මෙම තරගයට පිට දඟ පන්දු යවන අජන්ත මෙන්ඩිස් ක‍්‍රීඩා කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා ‘ඒ’ පිල මේ වන විට 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණේ රැුදී සිටියි.  

ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතය:
ළහිරු තිරිමාන්න (නායක), ධනුෂ්ක ගුණතිලක, දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, කිත්රුවන් විතානගේ, තිළිණ කණ්ඩම්බි, දිල්හාර ප‍්‍රනාන්දු, භානුක රාජපක්‍ෂ, ලක්‍ෂාන් රංගික, රමිත් රඹුක්වැල්ල, ෆර්විෂ් මහරුෆ්, සචිත් පතිරණ, නිසල තාරක, දුෂ්මන්ත චමීර සහ අජන්ත මෙන්ඩිස්


අදහස් (11)

දිල්හාර අහසින් පාත්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.