Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දින දෙකකදී නව වාර්තා 13 ක්

දින දෙකකදී නව වාර්තා 13 ක්

රොෂාන් ගුණරත්න - 2018 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මයිලෝ ආයතනයේ පූර්ණ අනුග්‍රහය ඇතිව 45 වැනි වරටත් පවත්වනු ලබන ශ්‍රී ලංකා පාසල් වයස් කාණ්ඩ පිහිනුම් තරගාවලියේ දෙවන දිනයේ අවසානයේ නව තරග වාර්තා 5ක් පිහිටුවනු ලැබිණ. ඊයේ දිනයේ පිහිටුවන ලද නව වාර්තා 8ත් සමගින් තරගවලියේ දින දෙකකදී නව වාර්තා 13ක් පිහිටු වීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

සුගතදාස පිහිනුම් තටාකයේදී ඊයේ (06) ආරම්භ වූ මෙම තරගාවලියේදී ලකුණු 367 ක් ලබා මහනුවර මහාමායා විද්‍යාලය කාන්තා අංශයේ පෙරමුණ ලබා සිටී. ලකුණු 326 ලැබූ ශාන්ත ජෝශප් විද්‍යාලය පිරිමි අංශයේ පෙරමුණ ලබා රාජකීය විද්‍යාලයට තියුණු අභියෝගයක් එල්ල කර තිබේ.

පිහිටවූ නව වාර්ථා 21 න් 11 ක්ම කොළඹ විශාඛා විද්‍යාලයීය ක්‍රීඩිකාවන් පිහිටුවා තිබීම විශේෂත්වයකි. ලකුණු 281 ලබා කොළඹ විශාඛා විද්‍යාලය ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේත්, ලකුණු 164 ලැබූ කාන්තා විද්‍යාලය තෙවන ස්ථානයේත් පසුවෙයි.

විශාඛා විද්‍යාලයේ රමුධි සමරකෝන් ඉදිරිපත් වූ තරග ඉසව් 3 න්ම නව තරග වාර්තා 3ක් පිහිටුවද්දී එම විද්‍යාලයේම ගංගා සෙනවිරත්න නව තරග වාර්තා 2ක් පිහිටුවමින් විශාඛා විද්‍යාලයට ලකුණු එකතු කළහ.

ආරම්භක දිනයේ පටන් පෙරමුණ ලබා සිටින ශාන්ත ජෝශප් විද්‍යාලයට අභියෝගයක් එල්ල කිරීමට සිටිනුයේ කොළඹ රාජකීය විද්‍යාලය හා ආනන්ද විද්‍යාලය පමණි. පළමු දිනය අවසානයේ දෙවැනි ස්ථානයේ පසුවූ ආනන්ද විද්‍යාලය පහළට ඇද දමමින් රාජකීයන් අද දිනයේ පෙරමුණට පැමිණියේය.

දෙවන දිනයේ පිහිටවූ නව තරග වාර්තා

■    වයස 19 පහළ කාන්තා මිටර 800 නිදහස් ආර තරග ඉසව්වෙන් විනාඩි 10:42.53 කින් තරගය අවසන් කළ මහනුවර මහාමායා විද්‍යාලයේ උත්තමා සිල්වා නව තරග වාර්ථාවක් පිහිටුවන ලදී.

■    වයස 19 පහළ කාන්තා මිටර 50 නිදහස් ආර තරග ඉසව්වෙන් තත්පර 28.22 කින් තරගය අවසන් කළ විශාඛා විද්‍යාලයේ සංදු සාවින්දි නව තරග වාර්ථාවක් පිහිටුවන ලදී.

■    වයස 19 පහළ කාන්තා මිටර 50  සමනල ආර තරග ඉසව්වෙන් තත්පර 32.33 කින් තරගය අවසන් කළ සිරිමාවෝ බන්ඩාරණායක විද්‍යාලයේ ශෙනාලි හේරත් නව තරග වාර්ථාවක් පිහිටුවන ලදී.

■    වයස 19 න් පහළ කාන්තා මිටර 400×4 මිශ්‍ර සහය තරග ඉසව්වෙන්  විනාඩි 5:20.40 කින් තරගය අවසන් කළ විශාඛා විද්‍යාල සහය කණ්ඩායම නව තරග වාර්ථාවක් පිහිටුවන ලදී.

■    වයස 17 න් පහළ කාන්තා මිටර 100 ළය ආර තරග ඉසව්වෙන් විනාඩි 1:20.27 කින් තරගය අවසන් කළ විශාඛා විද්‍යාලයේ රමුදි සමරකෝන් නව තරග වාර්ථාවක් පිහිටුවන ලදී.

■    වයස 19 න් පහළ පිරිමි  ළය ආර මිටර 100 තරග ඉසව්වෙන් විනාඩි 1:11.30 කින් තරගය අවසන් කළ ආනන්ද විද්‍යාලයේ කේ.සී දල්පතඩු නව තරග වාර්ථාවක් පිහිටුවන ලදී.

■    වයස 15 න් පහළ කාන්තා මිටර 200 පසුපස ආර තරග ඉසව්වෙන් විනාඩි 2:36.80 කින් තරගය අවසන් කළ විශාඛා විද්‍යාලයේ ගංගා සෙනවිරත්න නව තරග වාර්ථාවක් පිහිටුවන ලදී.

■    වයස 19 න් පහළ කාන්තා මිටර 200 පසුපස ආර තරග ඉසව්වෙන් විනාඩි 2:36.99 කින් තරගය අවසන් කළ බි්‍රතාන්‍ය කාන්තා විද්‍යාලයේ ඇස්කියා උසූප් නව තරග වාර්ථාවක් පිහිටුවන ලදී.

■    වයස 17 න් පහළ කාන්තා මිටර 50 ළය ආර තරග ඉසව්වෙන් තත්පර 36:53 කින් තරගය අවසන් කළ විශාඛා විද්‍යාලයේ රමුධි සමරකෝන් නව තරග වාර්ථාවක් පිහිටුවන ලදී.

■    වයස 15 න් පහළ කාන්තා  මිටර 100 නිදහස් ආර තරග ඉසව්වෙන් විනාඩි 1:03.51 කින් තරගය අවසන් කළ  විශාඛා විද්‍යාලයේ ගංගා සෙනවිරත්න නව තරග වාර්ථාවක් පිහිටුවන ලදී.

■    වයස 19 න් පහළ කාන්තා මිටර 400×4 සහය නිදහස් ආර  තරග ඉසව්වෙන් විනාඩි  4:46.12 කින් තරගය අවසන් කළ විශාඛා විද්‍යාල සහය කණ්ඩායම නව තරග වාර්ථාවක් පිහිටුවන ලදී.

■    වයස 17න් පහළ  කාන්තා මිටර 200 ළය ආර තරග ඉසව්වෙන් විනාඩි 2:56.17 කින් තරගය අවසන් කළ  විශාඛා විද්‍යාලයේ රමුධි සමරකෝන් නව තරග වාර්ථාවක් පිහිටුවන ලදී.

■    වයස 17 න්පහළ පිරිමි මිටර 100 සමනල ආර තරග ඉසව්වෙන් තත්පර 58.91 කින් තරගය අවසන් කළ ආනන්ද විද්‍යාලයේ  සඳෙව් සේනාරත්න නව තරග වාර්ථාවක් පිහිටුවන ලදී.

 

 

in-2-swm in-3-swm 

1-i-n-wm  sssfffff wm-kuy wm-ut

ඡායාරූප - චතුර එස් .කොඩිකාර 


අදහස් (0)

දින දෙකකදී නව වාර්තා 13 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.