කොළඹ රාජකීය තුරඟ තරග සමාජය සංවිධානය කරන තුරඟ තරග මාලාවේ 6 වැනි අදියර අනිද්දා (20 වැනිදා) පෙරවරු 10.00 සිට පස්වරු 2.00 නුවරඑළිය තුරඟ තරග පිටියේදී පැවැත්වේ.
තරග 6 කින් සමන්විත මෙම තරගාවලියේදී දීප්තිකා ජයකොඩි, ඉසිර දසනායක, රියෙන්සි එඞ්වඞ්ස්, පූර්ණි එඞ්වඞ්ස්, ඒ. එන්. අරුමපුර, අණුක සූසා, නවීන් මාධව බණ්ඩාර, ඉරුගල් බණ්ඩාර, ආනන්ද බණ්ඩාර, එම්. සුදාගර්, ආර්. එම්. සී. කේ. රාජපක්ෂ, එස්. ලෝගනාදන්, අනුර දෙල්ගොඩ සහ එස්. පෙරියසාමි යන මහත්ම මහත්මීන් හිමිකම් කියන අශ්වයන් 35 ක් පමණ තරග වැදීමට නියමිතය.
කී‍්‍රඩා අමාත්‍ය කුසලාන තරගය සහ කොළඹ රාජකීය තුරඟ තරග සමාජයේ සභාපති කුසලාන තරගය යනුවෙන් ප්‍රධානතම තරග 2 ලෙස පැවැත්වෙන අතර තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහභාගි වෙයි.
අවසන් වරට අපේ‍්‍රල් මස 30 වැනිදා පැවැති තුරඟ තරගාවලියෙන් අනතුරුව වැඩි දියුණු කිරීමේ කටයුතු සඳහා නුවරඑළිය තුරඟ තරග පිටිය තාවකාලිකව වසා තැබුණ බවත්, නැවත එය විවෘත කෙරෙන්නේ මෙම තරගාවලිය සඳහා බවත් කොළඹ රාජකීය තුරඟ තරග සමාජයේ සභාපති අරවින්ද පේ‍්‍රමදාස මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
මෙම තරගාවලියෙන් අනතුරුව දිවයිනේ පළමු වරට අශ්වයන් වෙන්දේසි කිරීමක් පැවැත්වෙන අතර එහිදී ඉන්දියාවෙන් ගෙන්වන ලද අලූත් අශ්වයන් 14 දෙනෙකු වෙන්දේසි කිරීමටද නියමිතය.
තුරඟ තරග කී‍්‍රඩාව මෙරට යළි ජනපි‍්‍රය කරවීම මෙන්ම එහි තත්ත්වය උසස් කිරීමත්, අසුන් රැුකබලාගෙන ඔවුන් තහනම් උත්තේජක භාවිතයෙන් වළක්වාලීමත් අරමුණු කරගෙන කොළඹ රාජකීය තුරඟ තරග සමාජය මෙම තරග මාලාව සංවිධානය කරයි.
සංගමය වෙනුවෙන් මෙම තරග මාලාවේ සංවිධාන කටයුතු මෙහෙයවනු ලබන්නේ ලොව පුරා තුරඟ තරග පිටි 163 ක සේවය කර ඇති ප්‍රවීණයකු වන වේන් වුඞ් මහතා විසිනි. ඔහු කොළඹ රාජකීය තුරඟ තරග සමාජයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙසද කටයුතු කරයි.
ඡායාරූපය - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.