Last Update  :  2025-12-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තුන්වැනි වරටත් ජනපි‍්‍රය සම්මානය සංගක්කාරට

තුන්වැනි වරටත් ජනපි‍්‍රය සම්මානය සංගක්කාරට

දිලිනි මල්රුක්ෂි - 2014 සැප් මස 04 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ඩයලොග් - ශී‍්‍ර ලංකා කි‍්‍රකට් වාර්ෂික සම්මාන ප‍්‍රධානෝත්සවයේදී වසරේ ජනපි‍්‍රයතම කි‍්‍රකට් කී‍්‍රඩකයා සම්මානය පිට පිටම තුන්වැනි වතාවටත් දිනාගැනීමට කුමාර් සංගක්කාර සමත් විය. එම සම්මානයට අමතරව වසරේ විශිෂ්ටතම ටෙස්ට් පිතිකරුවාට හිමි සම්මානයටද සංගක්කාර හිමිකම් කීවේය. සංගක්කාර සමග එක්ව වසරේ විශිෂ්ටතම ටෙස්ට් පිතිකරුවාට හිමි සම්මානය දිනාගත් ඇන්ජලෝ මැතිව්ස් වසරේ විශිෂ්ටතම කි‍්‍රකට් කී‍්‍රඩකයා වීමේ සම්මානයද දිනාගත්තේය.

දශක හතරකට ආසන්න කාලයක් කි‍්‍රකට් කී‍්‍රඩාව වෙනුවෙන් විශිෂ්ට මාධ්‍ය මෙහෙවරක නිරත වූ පේ‍්‍රමසර ඈපාසිංහ, බර්නි විජේසේකර සහ ටී. එම්. සමාත් යන මහත්වරු කි‍්‍රකට් ජීව කාලීන මාධ්‍ය සම්මානයෙන් පිදුම් ලැබූහ.  

ඩයලොග් ආසිආටා සමාගමේ පූර්ණ අනුග‍්‍රහයෙන් පැවැත්වෙන කි‍්‍රකට් වාර්ෂික සම්මාන උළෙලේදී විශිෂ්ට දස්කම් දැක්වූ කී‍්‍රඩකයන්ට සම්මාන පිරිනැමේ. මෙම සම්මාන උත්සවය ඊයේ (3 වැනිදා) රාති‍්‍රයේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී පැවැත්විණ.

2014 ඩයලොග් කි‍්‍රකට් සම්මාන රාති‍්‍රයේ සම්මාන ලද්දෝ
(අදාළ සම්මානය සඳහා ඉදිරිපත්වූ සෙසු නාමයෝජනා වරහන් තුළ දැක්වේ)

වසරේ කි‍්‍රකට් කී‍්‍රඩකයා:
ඇන්ජලෝ මැතිව්ස්
(කුමාර් සංගක්කාර සහ රංගන හේරත්)

වසරේ ජනපි‍්‍රයතම කි‍්‍රකට් කී‍්‍රඩකයා
කුමාර් සංගක්කාර

වි:20 තරග දක්‍ෂතම පිතිකරුවා
කුසල් ජනිත් පෙරේරා
(මහේල ජයවර්ධන සහ තිසර පෙරේරා)

වි:20 දක්‍ෂතම පන්දු යවන්නා
ලසිත් මාලිංග
(නුවන් කුලසේකර සහ රංගන හේරත්)
එක්දින අන්තර්ජාතික තරග : දක්‍ෂතම පිතිකරුවා
ඇන්ජලෝ මැතිව්ස්
(කුමාර් සංගක්කාර සහ ළහිරු තිිරිමාන්න)

එක්දින අන්තර්ජාතික තරග : දක්‍ෂතම පන්දු යවන්නා
ලසිත් මාලිංග
(අජන්ත මෙන්ඩිස් සහ සචිත‍්‍ර සේනානායක)

එක්දින අන්තර්ජාතික තරග : දක්‍ෂතම තුන් ඉරියව් කී‍්‍රඩකයා
ඇන්ජලෝ මැතිව්ස්
(තිලකරත්න ඩිල්ෂාන් සහ තිසර පෙරේරා)

වසරේ නැගී එන කි‍්‍රකට් කී‍්‍රඩකයා
නිරෝෂන් දික්වැල්ල

වසරේ දක්‍ෂතම ටෙස්ට් පිතිකරුවෝ
කුමාර් සංගක්කාර සහ ඇන්ජලෝ මැතිව්ස්
(මහේල ජයවර්ධන සහ කෞෂාල් සිල්වා)

වසරේ දක්‍ෂතම ටෙස්ට් පන්දු යවන්නා
රංගන හේරත්
(ඩිල්රුවන් පෙරේරා සහ ශමින්ද එරංග)

වසරේ දක්‍ෂතම එක්දින පිතිකාරිණිය
චමරි අතපත්තු
(යශෝධා මෙන්ඩිස් සහ ශෂිකලා සිරිවර්ධන)

වසරේ දක්‍ෂතම එක්දින පන්දු යවන්නිය
ශෂිකලා සිරිවර්ධන
(උදේශිකා ප‍්‍රබෝධනී සහ මධුරි සමුදිකා)

වසරේ දක්‍ෂතම එක්දින තුන් ඉරියව් කී‍්‍රඩිකාව
ශෂිකලා සිරිවර්ධන
(ශී‍්‍රපාලි වීරක්කොඩි)

කි‍්‍රකට් ජීව කාලීන මාධ්‍ය සම්මාන
පේ‍්‍රමසර ඈපාසිංහ මහතා
බර්නි විජේසේකර මහතා
ටී. එම්. සමාත් මහතා

වසරේ කි‍්‍රකට් විනිසුරු සම්මාන
ප‍්‍රධානතම ‘ඒ’ පන්තිය - ප‍්‍රගීත් රඹුක්වැල්ල
නැගීඑන පන්තිය - සරත් කුමාර
සරා පන්තිය - සුසන්ත දිසානායක

ප‍්‍රධානතම දේශීය (පළමු පෙළ) කි‍්‍රකට් තරගාවලිය
දක්‍ෂතම පිතිකරු - ජෙහාන් මුබාරක් (එන්. සී. සී.)
දක්‍ෂතම පන්දු යවන්නා - ලක්‍ෂාන් සඳකැන් (සී. සී. සී.)
දක්‍ෂතම තුන් ඉරියව් කී‍්‍රඩකයා - ජීවන් මෙන්ඩිස් (ද්‍රවිඩ සංගමය)
ශූරයෝ : නොන්ඩස්කි‍්‍රප්ට් කී‍්‍රඩා සමාජය (එන්. සී. සී.)
අනුශූරයෝ : මුවර්ස් කී‍්‍රඩා සමාජය

ප‍්‍රධානතම දේශීය (එක්දින) කි‍්‍රකට් තරගාවලිය
දක්‍ෂතම පිතිකරු - නිරෝෂන් දික්වැල්ල (එන්. සී. සී.)
දක්‍ෂතම පන්දු යවන්නා - නිලංක පේ‍්‍රමරත්න (රාගම කී‍්‍රඩා සමාජය)
දක්‍ෂතම තුන් ඉරියව් කී‍්‍රඩකයා  - සචිත් පතිරණ (කෝල්ට්ස්)
ශුරයෝ - නොන්ඩස්කි‍්‍රප්ට් කී‍්‍රඩා සමාජය (එන්. සී. සී.)
අනුශූරයෝ : සිංහල කී‍්‍රඩා සමාජය

නැගීඑන දේශීය කි‍්‍රකට් තරගාවලිය
දක්‍ෂතම පිතිකරු - පුබුදු රණවීර (සෙබස්තියනයිට්ස් කී‍්‍රඩා සමාජය)
දක්‍ෂතම පන්දු යවන්නා - ඩිලංක අවුවාර්ට් (නාවික හමුදාව)
දක්‍ෂතම තුන් ඉරියව් කී‍්‍රඩකයා - පුබුදු රණවීර (සෙබස්තියනයිට්ස් කී‍්‍රඩා සමාජය)
ශූරයෝ : සැරසන්ස් කී‍්‍රඩා සමාජය
අනුශූරයෝ : ගාල්ල කී‍්‍රඩා සමාජය

පී. සරවනමුත්තු කුසලාන කි‍්‍රකට් තරගාවලිය
දක්‍ෂතම පිතිකරු - නාලක තේනුවර (අම්බලන්ගොඩ සිංහ)
දක්‍ෂතම පන්දු යවන්නා - ධනුෂික බණ්ඩාර (අන්තෝනියන්ස්)
දක්‍ෂතම තුන් ඉරියව් කී‍්‍රඩකයා - නඳුන් බස්නායක (මහනුවර කී‍්‍රඩා සමාජය)
ශූරයෝ : වත්තල අන්තෝනියන්ස්් කී‍්‍රඩා සමාජය
අනුශූරයෝ : මොරටුව කී‍්‍රඩා සමාජය


අදහස් (1)

තුන්වැනි වරටත් ජනපි‍්‍රය සම්මානය සංගක්කාරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.