Last Update  :  2025-05-08 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තුනක් තුවාල ලයිස්තුවේ
ආසියානු කුසලාන

තුනක් තුවාල ලයිස්තුවේ

editorial - 2022 අගෝ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ආසියානු කුසලාන තරගාවලිය සඳහා තෝරාගනු ලැබ සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන් තිදෙනකුම තුවාල ලබා තිබේ. පසුගියදා නිමාවූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත තරගාවලිය අතරතුරදී බිනුර ප්‍රනාන්දු, කසුන් රාජිත සහ දුෂ්මන්ත චමීර තිදෙනාම තුවාල ලැබූහ.

මෙම ක්‍රීඩකයන් තිදෙනා වෙනුවෙන් තවත් වේග පන්දු යවන්නන් තිදෙනකු වන අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුෂාන් සහ නුවන් තුෂාර ආදේශ කර තිබේ.

ආසියානු කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගන්නා ලද්දේ පසුගිය 10 වැනිදාය. එහෙත් 11 වැනිදා පෝය දිනය වූ හෙයින් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා 12 වැනිදාම කණ්ඩායම ක්‍රීඩා අමාත්‍යංශය වෙත යොමුකර තිබේ.

එතැන් සිට දින 5 ක් ගෙවී ගොස් ඇති නමුත් ඊට ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය හිමිවී නැති බැවින් එය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමෙන් ක්‍රිකට් බලධාරීහු වැළකී සිටිති. ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලිය සඳහා ලබන 24 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

 


අදහස් (0)

තුනක් තුවාල ලයිස්තුවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.