Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තාත්තාගේ හිස් ආවරණය ෂූමාකර් තෑගි කරයි

තාත්තාගේ හිස් ආවරණය ෂූමාකර් තෑගි කරයි

editorial - 2020 ඔක් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ඉකුත් සති අන්තයේදී ජර්මනියේ නියුරන්බර්ග් නුවරදී පැවැති අයිෆල් ගෝන් ප්‍රී තරග‍ය ජයගැනීමත් සමග ‍ගෝන් ප්‍රී තරග 91 ක් ජයගනිමින් ජර්මානු ක්‍රීඩක මයිකල් ශූමාකර් පිහිටුවා තිබූ වාර්තාව සම කිරීමට එංගලන්ත ක්‍රීඩක ලුවිස් හැමිල්ටන් සමත් විය. මර්සිඩීස් කණ්ඩායම නියෝජනය කරන හැමිල්ටන් මෙම තරගය ජයගත්තේ ඉතා සියුම් පරතරයකිනි.

මෙම ජයග්‍රහණයත් සමගම ලුවිස් හැමිල්ටන් පුදුමයට පත්කරමින් මයිකල් ෂූමාකර්ගේ පුතණුවන් වන මික් ෂූමාකර් රතු පැහැති හිස් ආවරණයක් ඔහුට තිළිණ කළේය. එය මයිකල් ෂූමාකර් විසින් පළඳින ලද, ඔහුගේ සිහිවටන අතර තිබූ හිස් ආවරණයකි.  මික් ෂූමාකර්ද මේ වන විට ෆෝමියුලා I කාණ්ඩයේ මෝටර් රථ ධාවන තරගවලට එක්ව සිටින නැගී එන ශූරයෙකි.

‍මේ වසර (2020) නිමා වීමට පෙර තවත් ෆෝමියුලා I කාණ්ඩයේ ගෝන් ප්‍රී තරග 6 ක් පැවැත්වීමට නියමිතව ඇති බැවින් වසර නිමා වීමට පෙර හැමිල්ටන්ට අනිවාර්යයෙන්‍ම ශූමාකර් පසුකර යෑමේ අවස්ථාව උදාවනු ඇතැයි විචාර‍ක‍යෝ පවසති.

මේ මස 25 වැනිදා පෘතුගාලයේ ගෝන් ප්‍රී තරගය පැවැත්වීමට නියමිත අතර ඉන් අනතුරුව ඉතාලියේ (නොවැම්බර් 1), තුර්කියේ (නොවැම්බර් 15), බහරේයේ පළමු තරගය (නොවැම්බර්  29), බහරේනයේ දෙවැනි තරගය (දෙසැම්බර් 6) සහ අබුඩාබියේ (දෙසැම්බර් 13) ගෝන් ප්‍රී තරග පැවැත්වීමට ෆෝමියුලා I සංවිධායකයෝ කටයුතු යොදා තිබේ.

ජර්මනියේ පැවැති අයිෆල් ගෝන් ප්‍රී තරග‍යේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට රෙඩ්බුල් කණ්ඩායම නියෝජනය කරන බෙල්ජියම් ක්‍රීඩක මැක්ස් වර්ස්ටපන් සමත් වූ අතර රෙනෝල්ට් කණ්ඩායම නියෝජනය කරන ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඩැනියෙල් රිකාඩෝ එහි තෙවැනි ස්ථානයට පත් විය.

"මොනවා කියන්නද කියලා මට හිතාගන්න බැහැ."

"ඔබ‍ යමෙක් දෙස බලාගෙන උස් මහත් වෙනවා. ඔහුට වන්දනාමාන කරලා දේවත්වයෙන් සලකනවා. රියෙදුරකු ලෙස ඔහුගේ ගුණාත්මකභාවය සහ ඔහුගේ කණ්ඩායම සමග දිගින් දිගටම ඔහුට කළ හැකි වූ දේ අගය කරනවා. එවැනි අයකුගේ ආධිපත්‍යය මෙතරම් කාලයක් දැකලා තිබුණ කිසි‍වෙකු, විශේෂයෙන්ම මම පවා හිතුවෙ නෑ මට ‍ඔහුගේ වාර්තාවට ලඟා වීමට හැකි වේවි කියලා" යැයි හැමිල්ටන් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හැමිල්ටන් කියා සිටියේ මෙම වාර්තාගත ජයග්‍රහණය තමාට ඇදහිය ‍නොහැකි ගෞරවයක් බවත්, සිය කණ්ඩායමේ දායකත්වය නොමැති වූවා නම් එය කළ නොහැක්කක් වනු ඇති බවත්ය. ශූමාකර්ට විශේෂ ස්තුතියක් මෙන්ම විශාල ගෞරවයක් පුදකර සිටීමටද මෙය අවස්ථාවක් කරගන්නා බවද හැමිල්ටන් කියා සිටියේය.


-036


අදහස් (0)

තාත්තාගේ හිස් ආවරණය ෂූමාකර් තෑගි කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.