Last Update  :  2024-05-03 17:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ත්‍රිත්ව ක්‍රීඩකයෝ ශූරතාව දිනති

ත්‍රිත්ව ක්‍රීඩකයෝ ශූරතාව දිනති

editorial - 2022 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ ‘ඒ’ කොටසේ ශූරතාව දිනාගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල සමත් විය.

කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී ගාල්ල රිච්මන්ඩ් විදුහලට එරෙහිව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 41 ක ජයක් වාර්තා කරමින් ත්‍රිත්ව විදුහල් ක්‍රීඩකයෝ මෙවර ශූරතාවට හිමිකම් කීහ. ඒ අනුව පිට පිටම දෙවැනි වරටත් රිච්මන්ඩ් විදුහලට අනු ශූරතාවෙන් සෑහීමකට පත් වීමට සිදුවිය.

වැසි සහිත කාලගුණය හේතුවෙන් තරගයේ ඉනිමක් ඕවර 41 කට සීමා කෙරුණ අතර පළමුවෙන්  පන්දුවට පහරදුන් රිච්මන්ඩ් විදුහල ඕවර 40.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 123 ක් ලබාගත්තේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 124 ක ඉලක්කයක් හඹාගිය ත්‍රිත්ව විදුහල ඕවර 24 ක් අවසානයේ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 109 ක් ලබා සිටියහ. ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඒ වන විට ත්‍රිත්ව විදුහලට ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබුණේ ලකුණු 68 ක් පමණි.

තරගාවලියේ මූලික වටය සඳහා කණ්ඩායම් 18 ක් සහභාගි වූ අතර එහිදී ඔවුන් කණ්ඩායම් 9 බැගින් වූ කාණ්ඩ 2 ක් යටතේ තරග වැදිණ. මෙවර තරගාවලියේදී තරින්ද නිර්මාල් විසින් රිච්මන්ඩ් විදුහල් කණ්ඩායම මෙහෙයවනු ලැබූ අතර රහල් අමරසිංහ ත්‍රිත්ව විදුහල් කණ්ඩායමේ නායකත්වය දැරීය.  


රිච්මන්ඩ් විදුහල - ඕවර 40.1 කදී සියලු දෙනා දැවී 123
(ශෙරොන් අභිෂේක් 33, ජනෙත් කෞෂල්‍ය 28, තමිඳු ප්‍රදීප්ත 19, තීරක රණතුංග 24/3)

ත්‍රිත්ව විදුහල - ඕවර 24 කදී කඩුලු 4 ක් දැවී 109
(රහල් අමරසිංහ 36, තීරක රණතුංග නෙැදැවී 21, සුපුන් වඩුගේ 19, මල්ෂ තරුපති 28/3)  


අදහස් (0)

ත්‍රිත්ව ක්‍රීඩකයෝ ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.