Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ තරග 7 ක් හෙට (16 වැනිදා) පැවැත්වීමට නියමිතය. පළමු කොටසට අයත් ‘ඒ’ කාණ්ඩායේ තරග 4 ක් සහ ‘බී’ කාණ්ඩයේ තරග 3 ක් ඊට ඇතුළත් වේ.
මහනුවර ත්‍රිත්ව විදුහල සහ මරදාන ශාන්ත ජෝෂප් විදුහල අතර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය ඉන් ප්‍රධාන තැනක් ගනී. එම තරගයෙන් ජයගැනීමට ත්‍රිත්ව විදුහල සමත් වන්නේ නම් ඔවුන්ට තවදුරටත් ‘ඒ-1’ කාණ්ඩයේ පෙරමුණ රැකගැනීමට හැකිවනු ඇත. මේ වන විට ත්‍රිත්ව විදුහල ලකුණු 15 ක් ලබා එහි පෙරමුණේ රැදී සිටියි.
කෙසේ වුවත් එම තරගයේදී ත්‍රිත්ව විදුහල පරාජයට පත්වී, ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලට එරෙහිව කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙන තරගය ජයගැනීමට රාජකීය විදුහල සමත් වුවහොත් ඔවුන්ටද ‘ඒ-1’ කාණ්ඩයේ පෙරමුණට පැමිණීමට අවස්ථාවක් පවතී. තෙවැනි සතිය අවසන් වන විට රාජකීය විදුහල ලකුණු 13 ක් ලබා එහි දෙවැනි ස්ථානයේ පසුවිය.
ත්‍රිත්ව විදුහල පරාජය කිරීමට ශාන්ත ජෝෂප් විදුහලත්, රාජකීය විදුහල පරාජයට කිරීමට සාන්ත තෝමස් විදුහලත් සමත් වුවහොත් සිවුවැනි සතිය අවසානයේ ‘ඒ-1’ කාණ්ඩයේ පෙරමුණ හිමිවන්නේ ශාන්ත ජෝෂප් විදුහලටය. ශාන්ත ජෝෂප් විදුහල ලකුණු 12 ක් ලබා මේ වන විට පසුවන්නේ එහි තෙවැනි ස්ථානයේය.
ගල්කිස්ස විද්‍යා විදුහලට එරෙහිව සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයෙන් ජයගැනීමට කොළඹ වෙස්ලි විදුහලට හැකි වුවහොත් ඔවුන්ට ‘ඒ-2’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට අවස්ථාව උදාවනු ඇත. මේ වන විට වෙස්ලි විදුහල ලකුණු 6 ක් ලබා එම කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ පසුවේ.
පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරග
■ කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අතර රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී
■ මහනුවර ත්‍රිත්ව විදුහල සහ මරදාන ශාන්ත ජෝෂප් විදුහල අතර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී
■ කොළඹ වෙස්ලි විදුහල සහ ගල්කිස්ස විද්‍යා විදුහල අතර සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේදී
■ මහනුවර ධර්මරාජ විදුහල සහ මහනුවර විද්‍යාර්ථ විදුහල අතර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී
පළමු කොටසේ ‘බී’ කාණ්ඩයේ තරග
■ කොළඹ ලුම්බිණි විදුහල සහ මරදාන සහිරා විදුහල අතර රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී
■ ගාල්ල ඇලවීෂියස් විදුහල සහ කොළඹ මහානාම විදුහල අතර ඇලවීෂියස් විදුහල් ක්‍රීඩාංගණයේදී
■ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල අතර බෝගම්බර ක්‍රීඩාංගණයේදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.