Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තරගය දිනුවත් අසීරු අඩියක

තරගය දිනුවත් අසීරු අඩියක

editorial - 2021 ජුලි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ඉන්දියාවට එරෙහිව පැවැති තුන්වැනි එක්දින තරගය ජයගනිමින් ප්‍රසාද ලකුණු 10 ක් එකතු කරගත් නමුත් ලෝක කුසලාන සුපිරි ලීගයේ ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් 11 වැනි ස්ථානයේ සිටී. සිකුරාදා (23 වැනිදා) ලද ජයග්‍රහණයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පසුකර යා හැකිවූයේ නෙදර්ලන්තය පමණි.

තරග 3 කින් 2 ක් ජයගත් නෙදර්ලන්තය ප්‍රසාද ලකුණු 20 ක් ලබා සිටින නමුත් තරග 12 කින් 2 ක් පමණක් ජයගත් ශ්‍රී ලංකා පිල සතුව ඇත්තේ ප්‍රසාද ලකුණු 22 කි. මෙම තත්ත්වය අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණ සිටින්නේ අසීරු අදියරකටය. ශ්‍රී ලංකාවට ඇති එකම සැනසුම වන්නේ සිම්බාව්බේ සහ ඇෆ්ඝනිස්ථානයට එරෙහිව තරගාවලි දෙකක් ඉතිරිව තිබීමත්, දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමත්ය.

ලෝක කුසලාන සුපිරි ලීගයේදී ශ්‍රී ලංකාවට හිමි තරගාවලි 4 ක් මේ වන විට අවසන් වී ඇති අතර එම තරගාවලි හතරේදීම ශ්‍රී ලංකාව පරාජය වී තිබේ. ඉතිරිව ඇත්තේ දකුණු අප්‍රිකාව, නවසීලන්තය, ඇෆ්ඝනිස්ථානය සහ සිම්බාබ්වේ යන රටවලට එරෙහිව පැවැතවෙන තරගාවලි 4 කි. මේවායින් දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන තරගාවලිය ලබන සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතය.

මෙම ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 8 පමණක් (ඉන්දියාවත් ඇතුළුව) වසර 2023 ලෝක කුසලාන තරගාවලිය සඳහා සෘජුවම සුදුසුකම් ලබාගනු ඇත. ඉතිරි කණ්ඩායම් 5 ට තවත් කණ්ඩායම් කිහිපයක් එකතු කිරීමෙන් පසුව පැවැත්වෙන සුදුසුකම් තේරීමේ තරගාවලියකින් තෝරා ගන්නා කණ්ඩායම් 4 කට 2023 ලෝක කුසලාන තරගාවලියට ඇතුළත් වීමේ අවස්ථාව හිමිවේ.

2020 මැයි මස 01 වැනිදා ආරම්භ වූ ලෝක කුසලාන සුපරි ලීග් තරගාවලියේ කාලරාමුව 2022 මාර්තු මස 31 වැනිදායින් අවසන් වේ.  එහෙත් කොරෝනා වසංගතය හේතුවෙන් කිසියම් තරගාවලියක් හෝ කිහිපයක් කල්දමනු ලැබේ නම් එම තරගාවලියේ ප්‍රතිඵල ලෝක කුසලාන සුපිරි ලීගයට ඇතුළත් කෙරෙනු ඇත.

 

ලෝක කුසලාන සුපිරි ලීගයේ 2020 - 2022 තරගවාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් සහභාගි වූ තරගාවලි ප්‍රතිඵල

■    කොදෙව් පිලට එරෙහිව 3-0 ක පරාජයක්
■    බංග්ලාදේශයට එරෙහිව 2-1 ක පරාජයක්
■    එංගලන්තයට එරෙහිව 2-0 ක පරාජයක්
■    ඉන්දියාවට එරෙහිව 2-1 ක පරාජයක්


ලෝක කුසලාන සුපිරි ලීගයේ ප්‍රසාද ලකුණු පුවරුව


අදහස් (0)

තරගය දිනුවත් අසීරු අඩියක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.