Last Update  :  2026-01-11 22:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තරග පාවාදෙන්න කළ ඉල්ලීමක් බලධාරීන්ගෙන් හංගලාලූ

තරග පාවාදෙන්න කළ ඉල්ලීමක් බලධාරීන්ගෙන් හංගලාලූ

ශනුක අරවින්ද - 2013 අගෝ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ දග පන්දු යවන්නකුගෙන් බංග්ලාදේශ ප‍්‍රධානතම ක‍්‍රිකට් (බී. පී. එල්.) තරගාවලියේදී මුදලට තරග පාවා දෙන මෙන් කළ ඉල්ලීමක්, ඔහු විසින් අදාළ බලධාරීන්ට දැනුම් නොදුන්නේ යයි අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම්දී තිබේ.

ඒ අනුව බංග්ලාදේශ කි‍්‍රකට් පාලක මණ්ඩලයේ දූෂණ මර්ධන නීති රීති මාලාවේ අංක 2.4.2 යන වගන්තිය අනුව මෙම ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයාට චෝදනා එල්ල වී තිබේ.
දඟ පන්දු යවන්නකු වන මෙම තුන් ඉරියව් ක‍්‍රීඩකයා මීට පෙරද ක‍්‍රිකට් ක්ෂේත‍්‍රය උණුසුම් කළ සිද්ධියකට සම්බන්ධ වීම නිසා ඔහුට ක‍්‍රිකට් පිටියෙන් කලකට ඉවත්ව සිටීමටද සිදුවිය.

අන්තර්ජාතික කි‍්‍රකට් සභාවන් කළ දැනුම් දීම පිළිබඳව සාකාච්ඡ කිරීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ විධායක කමිටුව ඊයේ පස්වරුවේ හදිසි රැස්වීමක් පැවැත්වූ බවත් එම රැස්වීමට ආදාළ ක‍්‍රීඩකයාද කැඳවා තිබූ බවත් වාර්තා වේ.

ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ඔට්ටු ඇල්ලීම පිළිබඳව පසුගිය කාලයේ දැඩි කථාබහට ලක්වූ රටක පිරිසක් මුදලට තරග පාවාදීමට තමන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් තමන් ඒ සඳහා සම්බන්ධ නොවූ බව මෙම ක‍්‍රීඩකයා ඊයේ පස්වරුවේ ශී‍්‍ර ලංක කි‍්‍රකට් නිලධාරීන්ට පවසා ඇතැයි වාර්තා වේ.

අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ දැනුම් දීමකට අනුව බංග්ලාදේශයේදී තරග පාවාදීමේ අවස්ථා සඳහා කී‍්‍රඩකයන් 9 දෙනකු සම්බන්ධව ඇති අතර ඉන් හත් දෙනෙක් බංග්ලාදේශ ජාතිකයෝ වෙති. ඉතිරි දෙදෙනාගෙන් අයෙක් ශී‍්‍ර ලාංකිකයෙකි.

බංග්ලාදේශ ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලිය මේ වසරේ ජනවාරි මස පැවැති අතර එහිදී බංග්ලාදේශ ක‍්‍රිකට් පිලේ හිටපු නායකයකු මෙන්ම ප‍්‍රබල පිතිකරුවකු වන මෙහොමඞ් අෂ්රාෆුල්ද තරග පාවාදීමට මුදල් ලබාගත් බව පාපොච්චාරණය කළේය.


අදහස් (0)

තරග පාවාදෙන්න කළ ඉල්ලීමක් බලධාරීන්ගෙන් හංගලාලූ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.