මුදලට තරග පාවාදීමට සම්බන්ධයෙන් නවසීලන්ත ක‍්‍රිකට් පිලේ නායක බ්‍රෙන්ඩන් මැකලම් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවට ලබා දුන් අතිශය රහස්‍ය ප‍්‍රකාශයක් මාධ්‍යයට නිකුත්වීම පිළිබඳව අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව ඉක්මන් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ. තරගයක් මුදලට පාවාදීම සඳහා අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියේ ප‍්‍රබල ක‍්‍රීඩකයකු බ්‍රෙන්ඩන් මැකලම්ට කළ යෝජනාවක් ප‍්‍රතික්‍ෂේප කිරීම සම්බන්ධයෙන් මැකලම් ලබාදුන් කට උත්තරයක් මෙසේ පිටවී තිබේ.
මෙවැනි අතිශයින් රහස්‍ය ප‍්‍රකාශයක් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ දුෂණ මර්දන ඒකකයෙන් පිටතට යාම පිළිබඳව අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ ප‍්‍රධාන විධායක නිලධාරී ඬේවිඞ් රිචඞ්සන් මහතා දැඩි කණගාටුව පළ කර තිබේ.
”මෙම තොරතුරු මාධ්‍යයට නිකුත්වීම පිළිබඳව ගතහැකි සියලූම පියවර ගෙන ඉක්මන් පරීක්‍ෂණයක් කරනවා” යැයි අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ ප‍්‍රධාන විධායක නිලධාරී ඬේවිඞ් රිචඞ්සන් මහතා නිවේදනයක් නිතුත් කරමින් පවසයි.
ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ යහපත වෙනුවෙන් දුෂණ මැඩලීමට ඉදිරියටත් වැඩි අවධානයක් යොමු කරන බවත් බ්‍රෙන්ඩන් මැකලම් සම්බන්ධයෙන් කිසිදු පරීක්‍ෂණයක් නොපැවැත්වෙන බවත් රිචඞ්සන් මහතා වැඩි දුරටත් පවසා තිබේ.
බ්‍රෙන්ඩන් මැකලම්ගේ ප‍්‍රකාශය ලොවපුරා මාධ්‍යවල පළවීම පිළිබඳව නවසීලන්ත ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඬේවිඞ් වයිට් මහතා දැඩි කෝපයට පත්ව, ඒ සම්බන්ධයෙන් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවෙන් විමසීමක් ද කර තිබේ.
එංගලන්තයේ ‘ඬේලි මේල්’ පුවත්පතේ පළ වී තිබුණේ ‘ක‍්‍රීඩක එක්ස්’ ලෙස නම් කළ ප‍්‍රබල ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු 2008 වසරේ තරගයක අපේක්‍ෂිත දස්කම් දැක්වීමෙන් වැළකීම සඳහා තමන්ට පවුම් 107,000 ක් (ඇමරිකානු ඩොලර් 180,000) පිරිනැමීමට යෝජනා කළ බවයි. එහෙත් එම යෝජනාව මැකලම් ප‍්‍රතික්‍ෂේප කර තිබේ.
නවසීලන්ත පිලේ හිටපු පිතිකරුවකු වන ලූ වින්සන්ට් ද ‘ක‍්‍රීඩක එක්ස්’ ලෙස නම් කළ කී‍්‍රඩකයකු සමග එක්ව තරග පාවාදීමට සම්බන්ධ වූ බව පිළිගෙන තිබේ.
නවසීලන්ත පිලේ හිටපු ප‍්‍රබලයකු වන ක‍්‍රිස් කෙයාන්ස්ගේ නම ද ‘ක‍්‍රීඩක එක්ස්’ නමට සම්බන්ධ නමුත් ඔහු පවසා ඇත්තේ තමන් තරග පාවාදීමට සම්බන්ධ නොමැති බවයි.
ක‍්‍රිස් කෙයාන්ස් සහ ලූ වින්සන්ට් 2008 වසරේ ඉන්දීය ක‍්‍රිකට් ලීග් (අයි.සී.එල්.) තරගාවලිය අතරතුරදී තරග පාවාදීම්වලට හවුල්වූ බවට ලූ වින්සන්ට්ගේ බිරිඳ ප‍්‍රකාශ කර තිබේ.
”ඔයා ඒ පිළිබදව හිතන්න එපා. අපි හැමෝම ඕවා කරනවා” යැයි ලූ වින්සන්ට් තමන්ට පැවසූ බව ඔහුගේ බිරිඳ පවසන්නීය.
මේ පිළිබඳව පරික්‍ෂණ කරන දිනය සහ ඒ සඳහා වැයවන කාලය පිළිබඳව අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ ප‍්‍රධාන විධායක නිලධාරී ඬේවිඞ් රිචඞ්සන් මහතා අදහස් පළ නොකරන නමුත් 2008 සිට 2012 දක්වා වසර පහක කාලය තුළදී රටවල් 5 ක පැවැති තරග ඊට ඇතුළත්ව වන බව හෙතෙම පවසයි.
අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව පවසන්නේ රටවල්වල පැවැත්වෙන විස්සයි20 දේශීය තරගාවලිවලදී වැඩි වශයෙන් තරග පාවාදීමේ සිද්ධි ඇති වන ප‍්‍රවනතාවක් පවතින බවයි.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.