කොළඹ ශාන්ත ජෝශප් විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර කොළඹ පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී අද (04) ආරම්භ වූ ‘ශාන්තුවරයන්ගේ සංග‍්‍රාමය’ 82 වැනි වාර්ෂික මහ ක්රිකට් තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව අවසන් වන විට ශාන්ත ජෝශප් විදුහල ඉනිමක පරාජයෙන් ගැලවීමේ සටනක නිරතව සිටියේය.
ශාන්ත ජෝශප් විදුහල ඉනිම පරාජයෙන් ගැලවීමට ලකුණු 198 ක් රැස්කළ යුතුවන අතර අද සවස තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් ඕවර 7 කදී කිසිවකු නොදැවී ලකුණු 28 ක් ලබා ගත්තේය.
ශාන්ත පීතර විදුහල පළමු ඉනිමේ ඕවර 60 යේදී කඩුලූ 9 ක් දැවී ලකුණු 304 ක් රැස් කිරීමට සමත් විය. ශාන්ත ජෝශප් විදුහල පළමු ඉනිමේදී ලකුණු 106 කට සීමා වීමෙන් පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීමට සිදුවිය.
ලකුණු 33 කට කඩුලූ 6 ක් දවා ගත් තනීෂ වීරකෝන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ශාන්ත ජෝශප් විදුහල් බලාපොරොත්තු සුන් කළේය. මනිල්ක ද සිල්වා පන්දු 82 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 71 ක් රැස්කරමින් ශාන්ත පීතර විදුහල් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.
හෂාන් වනසේකර (59) සහ රන්මිත් ජයසේන (56) අර්ධ ශතක ලබාගනිමින් ශාන්ත පීතර විදුහල ප‍්‍රබල තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ.
ශාන්ත ජෝශප් විදුහල් පිලේ නායක සඳරුවන් රොද්‍රිගු කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට ශාන්ත පීතර විදුහලට ආරාධනා කළේය.
දෙදින තරගයක් වන මෙම තරගයේ පළමු ඉනිම ඕවර 60 කට සීමා වේ. හෙට (05) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.
ශාන්ත පීතර විදුහල පළමු ඉනිම ඕවර 60 යේදී කඩුලූ 9 ට 304
(ඉමේෂ් පෙරේරා 29, හෂාන් වනසේකර 59, ලක්‍ෂිණ රොද්‍රිගු 18, රන්මිත් ජයසේන 56, මනිල්ක ද සිල්වා 71, විනූ මොහොට්ටි 13, රවිඳු සිල්වා නොදැවී 14, රුචිර ඒකනායක 55/2, ජෙහාන් ඩැනියල් 79/3, චාරුක උලූදුපිටිය 52/2)
ශාන්ත ජෝශප් විදුහල පළමු ඉනිම ඕවර 32.3 කදී සියලූ දෙනා දැවී 106
(නිපුන් සමරසිංහ 25, පහන් පෙරේරා 14, රුචිර ඒකනායක 18, තනීෂ වීරකෝන් 33/6, රවිඳු සිල්වා 28/2)
ශාන්ත ජෝශප් විදුහල දෙවැනි ඉනිම ඕවර 7 කදී කිසිවකු නොදැවී 28
(රයන් කෙලි නොදැවී 20)
ශා. ජෝෂප් - ශා. පීතර මහ ක්රිකට් තරගයේ විශේෂ අවස්ථා ...
ඡායාරූප - ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.