Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ නිලවරණයෙන් සංගමයට තෝරා පත්කරගනු ලබන්නේ උප සභාපතිවරුන් 8 දෙනකු පමණක් වුවත් ඒ සඳහා නාමයෝජනා 38 ක් ඉදිරිපත් වී තිබෙන බව වාර්තාවේ.
උප සභාපති තනතුර සඳහා ඉදිරිපත් වි ඇති නාමයෝජනා 38 ට අමතරව ලේකම් ධූරය සඳහා 4 දෙනෙක්, භාණ්ඩාගාරික ධූරය සඳහා 6 දෙනෙක් සහ උප ලේකම් ධූරය සඳහා 5 දෙනෙක් මෙවර මේසපන්දු නිලවරණය සඳහා නාමයෝජනා භාර දී සිටිති.
නිලවරණය මේ මස 14 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණද එහි තනතුරු වලට නාමයෝජනා ඉදිරිපත්කර ඇති අයගෙන් 50 කට ආසන්න පිරිසක් මේ වන විටත් සිය ජීව දත්ත පත‍්‍රිකා භාරදී නොමැති බව වාර්තා වේ.
ජීව දත්ත පත‍්‍රිකා පරීක්ෂා කිරීමකින් තොරව අපේක්‍ෂකයන් නිලවරණයට ඉදිරිපත් කළ නොහැකි නිසා තවමත් තම ජීව දත්ත පත‍්‍රිකා ලබානොදුන් අයැදුම් කරුවන්ට ඒ සඳහා මේ මස 5 වැනිදා දක්වා කල් ලබාදී ඇති බව ‘ලංකාදීප’ කළ විමසුමකදී මේසපන්දු සංගමයේ ලේකම් සමන් රත්නායක මහතා පවසා සිටියේය.
මේසපන්දු නිලවරණය සඳහා මේ වන විටත් නාමයෝජනා භාරගැනීම අවසන් වී ඇති අතර බාරදී ඇති නාමයෝජනා අතුරින් තිදෙනෙකුගේ නාමයෝජනා ප‍්‍රතික්‍ෂේප වී ඇති බවද වාර්තා වේ.
ඉතාමත් විශ්වාස දායක ආරංචි මාර්ග වලින් දැනගැනීමට ඇති පරිදි සභාපති ධූරය සඳහා ඉදිරිපත් වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කනක හේරත් මහතාගේ නාමයෝජනාවද ප‍්‍රතික්ෂප වී තිබේ. මෙවර නිලවරණයේදී යම් තනතුරකට තේරීපත් වූවොත් කනක හේරත් මහතා නිලධාරියකු වශයෙන් කටයුතු කළ කාලයේ එකතුව වසර 4 ට වඩා වැඩි වීම ඊට හේතුව බවද දැනගන්නට තිබේ.
කිසිවකු ජාතික කී‍්‍රඩා සංගමයක තනතුරු දරා ඇති කාලයේ එකතුව වසර 4 ක් හෝ 4 කට වැඩි නම් ඔහුට ජාතික කී‍්‍රඩා සංගමයක නැවතත් තනතුරක් දැරිය නොහැකි බව කී‍්‍රඩා පනතේ මෑතකදී කරන ලද සංශෝධන වලට ඇතුළත් වේ.
කනක හේරත් මහතාගේ නාමයෝජනාවට අමතරව ලේකම් ධූරය සඳහා අයැදුම් කර තිබූ තවත් දෙදෙනෙකුගේ නාමයෝජනාද මෙම හේතුව නිසා ප‍්‍රතික්ෂේප වී ඇති බවත් දැනගන්නට තිබේ.
ශී‍්‍ර ලංකා මේස පන්දු සංගමයේ සභාපති තනතුර සඳහා හිටපු උප සභාපතිවරයකු වන කනක හේරත් මහතා සමගින් හිටපු සභාපතිවරයකු වන රජීව් විජේතුංග මහතා තරග වැදීමට නියමිතව සිටියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.