Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තිසුරි ජාතික ශූරතාව රැකගනී

තිසුරි ජාතික ශූරතාව රැකගනී

ශනුක අරවින්ද - 2016 අගෝ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කළ 101 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත කාන්තා කේවල අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස නෙත්මි වඩුගේ පරාජය කළ තිසුරි මොල්ලිගොඩ පිට පිටම දෙවැනි වරටත් ජාතික ටෙනිස් ශූරිය බවට පත් වූවාය.

ඉතා තියුණු මුහුණුවරක් ගත් අවසන් මහ තරගයේ වට දෙක පුරාම කී‍්‍රඩිකාවන් දෙදෙනා මාරුවෙන් මාරුවට ලකුණු ලබාගත් අයුරු දැකගත හැකි විය. කෙසේ වුවත් පළමු වටය 7/5 ක් ලෙසත් දෙවැනි වටය 7/6 (3) ක් ලෙසත් ජයගත් තිසුරි මොල්ලිගොඩ සමස්ත තරගයේ ජය වට 2-0 ක් ලෙස තමන් සතුකරගත්තේ පසුගිය වසරේදී දිනාගත් ශූරතාව රැකගනිමිනි.

ඉකුත් වසරේ පැවැති ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත කාන්තා කේවල අවසන් මහ තරගය සඳහාද තිසුරි සහ නෙත්මි තරග වැදුණ අතර එහිදී තරග වට 2-1 ක් ලෙස ජය හිමිකරගත්තේද තිසුරි මොල්ලිගොඩයි.

පළමු අවසන් පූර්ව තරගයේදී මේදිරා සමරසිංහ හමුවේ තරග වට 2-0 ක් ලෙස තියුණු ජයක් වාර්තා කරමින් නෙත්මි වඩුගේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර තිසුරි මොල්ලිගොඩ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස අනිකා සෙනෙවිරත්න පරාජය කරමිනි.

කොළඹ ටෙනිස් සංගම් මුලස්ථන කී‍්‍රඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස බි‍්‍රටෑනියා සමාගම කටයුතු කළේය. එහි සම අනුග‍්‍රාහකයන් ලෙස ජනශක්ති රක්ෂණ සමාගම සහ පෙරේරා සහ පුත‍්‍රයෝ සමාගම කටයුතු කළ අතර තරගාවලියේ නිල පන්දු සැපයුම්කරුවා වූයේ ඩන්ලොප් සමාගමයි.

විවෘත කාන්තා අවසන් මහ තරගය

  • තිසුරි මොල්ලිගොඩ විසින් තරග වට 2-0 ක් ලෙස නෙත්මි වඩුගේ පරාජය කරන ලදි. (7/5, 7/6)

විවෘත කාන්තා අවසන් පූර්ව තරග

  • නෙත්මි වඩුගේ විසින් තරග වට 2-0 ක් ලෙස මේදිරා සමරසිංහ පරාජය කරන ලදි. (7/5, 6/4)
  • තිසුරි මොල්ලිගොඩ විසින් තරග වට 2-0 ක් ලෙස අනිකා සෙනෙවිරත්න පරාජය කරන ලදි. (6/2, 6/4)

 


අදහස් (0)

තිසුරි ජාතික ශූරතාව රැකගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.