
ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන ජාතික කණිෂ්ට ටෙනිස් ශූරතාවලියේ වයස 18 පහළ බාලිකා කේවල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට තිසුරි මොල්ලිගොඩ සහ නෙත්මි වඩුගේ ඊයේ (10 වැනිදා) සමත් වූහ.
ඊයේ පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී තරග වට 2-0 ක් ලෙස මේදිරා සමරසිංහ පරාජය කරමින් තිසුරි මොල්ලිගොඩ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තාය. නෙත්මි වඩුගේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී තරග වට 2-0 ක් ලෙස රුක්ෂිකා විජේසූරිය පරාජය කරමිනි.
නෙත්මි වඩුගේ කණිෂ්ට ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයේ පසුවන අතර තිසුරි මොල්ලිගොඩ එහි තෙවැනි ස්ථානයේ පසුවන්නීය.
කණිෂ්ට ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන, ඉකුත් වසරේ කණිෂ්ට ජාතික ශූරිය බවටද පත්වූ මේදිරා සමරසිංහ මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයෙන් ඉවතට විසිවීම කැපී පෙනෙන සිදුවීමක් විය.
ඉකුත් වසරේ පැවැති ජාතික කණිෂ්ට ටෙනිස් ශූරතාවලියේ වයස 18 පහළ බාලිකා කේවල අවසන් පූර්ව වටයේ තරගයකදී තරග වට 2-0 ක් ලෙස තිසුරි මොල්ලිගොඩ පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට මේදිරා සමරසිංහ සමත් වුවත් මේ වසරේදී ඇයට තිසුරි මොල්ලිගොඩ හමුවේම තරග වට 2-0 ක පරාජයක් ලැබීමට සිදුවූවාය.
නෙත්මි වඩුගේ සහ තිසුරි මොල්ලිගොඩ අතර ජාතික කණිෂ්ට ටෙනිස් (බාලිකා) ශූරතාව සඳහා පැවැත්වෙන තරගය හෙට (12 වැනිදා) පැවැත්වීමට නියමිතය.
කොළඹ ටෙනිස් සංගම් මුලස්ථන කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස භාරතී එයාර්ටෙල් සමාගම කටයුතු කරන අතර තරගාවලියේ නිල පන්දු සැපයුම්කරුවා ලෙස ඩන්ලොප් සමාගම කටයුතු කරයි.
වයස 18 පහළ බාලිකා අවසන් පූර්ව වටය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.