ඉන්දියාවේදී ලබන නොවැම්බර් මස 1 වැනිදා ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරග තුන වෙනුවෙන් නම් කළ 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයේ උප නායක ළහිරු තිරිමාන්නට ස්ථානය අහිමිවී තිබේ.
මෙම සංචිතයට පළමු වරට ටෙස්ට් පිලේ කඩුලූ රකින ක‍්‍රීඩක නිරෝෂන් දික්වැල්ල සහ දකුණතින් වේග පන්දු යවන ළහිරු ගමගේ කැදවා සිටිති. ජ්‍යෙෂ්ඨ පා දඟ පන්දු යවන ක‍්‍රීඩක රංගන හේරත් විවේක ගන්වා ඇති අතර ඒ වෙනුවට චතුරංග ද සිල්වා සංචිතයට කැදවා තිබේ.
ශ්‍රී ලංකා පිලේ හිටපු උප නායක දිනේෂ් චන්දිමාල්ට ද මෙම සංචිතයේ ස්ථානයක් වෙන්වී නොමැත.
මේ පිළිබදව කළ විමසුමකදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුවේ නිලදාරියකු පැවසුවේ මෙම තිරිමාන්නට ස්ථානය අහිමිවීම නිසා උප නායකයකු පත් නොකළ බවත් ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් රැසක් කණ්ඩායමේ සිටින නිසා අවස්ථානුකූලව කටයුතු කරනු ඇති බවයි.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 28 වැනිදා ඉන්දියාවට පිටත්ව යෑමට නියමිතය.
ශ්‍රී ලංකා එක්දින පිල:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), කුසල් ජනිත් පෙරේරා, තිලකරත්න ඩිල්ෂාන්, උපුල් තරංග, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, අෂාන් ප‍්‍රියංජන්, නිරෝෂන් දික්වැල්ල, තිසර පෙරේරා, නුවන් කුලසේකර, ධම්මික ප‍්‍රසාද්, ළහිරු ගමගේ, චතුරංග ද සිල්වා, සීකුගේ ප‍්‍රසන්න සහ සුරාජ් රන්දීව්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.