Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක ටෙස්ට් ශූරතාවලියේදී ටෙස්ට් කි‍්‍රකට් පිටියට පායා ආ තාරකාව, ඩෙවොන් කොන්වේ, සිය දීප්තිය තවදුරටත් පතුරුවාලමින්, බංග්ලාදේශයට එරෙහිව අද (01 වැනිදා) නවසීලන්තයේ, මවුන්ට් මවුන්ගානුයිහිදී ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදීත් ශතකයක් ලබාගත්තේය. කොන්වේ ලබාගත් ශතකය හේතුවෙන් පළමු දිනයේදීම තරගයේ වාසිය මිට මොළවාගත් නවසීලන්ත කී‍්‍රඩකයෝ කඩුලූ 5 ක් දැවී ලකුණු 258 ක් ලබාගනිමින් මුල් දිනය අහවර කළහ.
මෙම තරගය කොන්වේගේ සිව්වැනි ටෙස්ට් තරගයයි. එංගලන්තයට එරෙහිව ලෝඞ්ස් පිටියේදී පැවැති සිය මංගල ටෙස්ට් තරගයේදී ද්විත්ව ශතකයක් ලබාගත් කොන්වේ, ටෙස්ට් ඉනිම 7 කදී ලකුණු 50 සීමාව පසුකළ හතර වැනි අවස්ථාව මෙයයි. අද ඉනිමත් සමගින් ඔහුගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍යය 71.57 ක් දක්වා ඉහළ ගියේය.
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී අස්ථියක් බිඳ ගැනීමෙන් පසුව පිිටියෙන් ඉවත් වී සිටි ඔහු කී‍්‍රඩා කළ පළමු තරගයේදීම නවසිලන්තය වැටී සිටි අමාරුවෙන් ගොඩ ගත්තේය.
ආරම්භක පිතිකරු ටොම් ලේතම් එක ලකුණකට දැවී යාමෙන් පසුව පිටියට පිවිසි කොන්වේ, අනෙක් ආරම්භක පිතිකරුවා වූ විල් යංග් සමගින් එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 138 ක සම්බන්ධතාවක් ගොඩනැංවීය. සිය අවසන් ටෙස්ට් තරගාවලියට කී‍්‍රඩා කරන රොස් ටේලර් සමගත් ලකුණු 50 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ කොන්වේ පිටියෙන් ඉවත් වන විට මුලූ ලකුණු සංඛ්‍යාව 227 ක් වී තිබිණ.
දිනය අවසන් වන විට හෙන්රි නිකොල්ස් (නොදැවී 32) සහ ටොම් බ්ලන්ඩල් (නොදැවී 11) පිටියේ රැඳී සිටි පිතිකරුවෝ වූහ.
පැය පහකට වැඩි කාලයක් පිටියේ රැුඳී සිටි කොන්වේ, පන්දු 227 කට මුහුණ දෙමින් ඒවායින් 17 ක් හතරේ සීමාවෙන් එපිටට යැවීය. එකක් හයේ පහරක් විය.
”ඒක හරිම වෙනස් හැඟීමක්.. තමන්ගේ මව්බිමේදීම සහභාගි වන පළමු ටෙස්ට් තරගයේදී ශතකයක් ලබාගන්නවා කියන්නේ හරිම වෙනස් හැඟීමක්” යයි ඩෙවොන් කොන්වේ තරගයෙන් පසුව පැවසීය.
කොන්වේ ලකුණු ලබාගැනීමට පොරතුව ෂොරිෆුල් ඉස්ලාමගේ පන්දුවකින් දැවී ගිය බවට ඉල්ලීමක් කෙරුණද විනිසුරුවරයා එය ප‍්‍රතික්ෂේප කළේය. බංග්ලාදේශ කී‍්‍රකයෝ විනිසුරු තීරණ විමසීමක් කළද නිශ්චිත තීන්දුවක් දීමට තරම් ප‍්‍රතිදර්ශන පැහැදිළි නොවීය.
නවසීලන්තය - පළමු ඉනිම කඩුලූ 5 ට 258 යි
(විල් යංග් 52, ඩෙවොන් කොන්වේ 122, රොස් ටේලර් 31, හෙන්රි නිකොල්ස් නොදැවී 32, ටොම් බ්ලන්ඩල් 11, ෂොරිෆුල් ඉස්ලාම් 53/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.