Last Update  :  2024-05-15 11:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඩෙන්මාර්කයට ගෝල 2-0ක ජයක්

ඩෙන්මාර්කයට ගෝල 2-0ක ජයක්

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී වන කණ්ඩායම් අතර පැවැති පුහුණු තරගයකදී මෙක්සිකෝවට එරෙහිව ගෝල 2-0 ක පහසු ජයක් ලැබීමට ඩෙන්මාර්කය පෙරේදා (9) සමත් විය. මෙම තරගය ඩෙන්මාර්කයේ බ්‍රෝන්ඞ්බයි ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තරගයේ 71 වැනි මිනිත්තුවේදී පළමු ගෝලය ලබාගැනීමට ඩෙන්මාර්කයේ යූසුෆ් පෝල්සෙන් සමත් වෙද්දී, ඉන් මිනිත්තු 3 කට පසු නැවතත් ගෝලයක් වාර්තා කිරීමට ඩෙන්මාර්කයේ ක්‍රිස්ටියන් එරික්සන්ට හැකියාව ලැබිණ.

ඩෙන්මාර්කය මෙවර ‘සී ’ කාණ්ඩයෙන් තරග වදිද්දී, මෙක්සිකෝව ‘එෆ්’ කාණ්ඩයෙන් තරගාවලියට එක්වෙයි. ඩෙන්මාර්කය ජුනි 16 වැනිදා පේරු රාජ්‍යයට එරෙහිව පැවැති තරගයෙන් තරගාවලියට අවතීර්ණ වන අතර ජුනි 21 වැනිදා ඕස්ටේ්‍රලියාව සමගින් තරග වැදීමට නියමිතය. ඩෙන්මාර්කයේ පළමු වටයේ අවසන් තරගය ජුනි 26 වැනිදා ප්‍රබල ප්‍රංශය සමගින් තරග වැදීමට නියමිතය.

මෙවර තරගාවලියට එක්වන මෙක්සිකෝව ජුනි 17 වැනිදා ජර්මනිය සමගින් තරග වැදීමට නියමිතය. ජුනි 23වැනිදා කොරියාව සමගිනුත්, ජුනි 27 වැනිදා ස්වීඩනය සමගිනුත් පළමු වටයේ තරග සඳහා සහභාගි වේ.


- 024

 


අදහස් (0)

ඩෙන්මාර්කයට ගෝල 2-0ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.