Last Update  :  2026-05-07 19:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඩී.එස්.අයි.පාසල් වොලිබෝල් තරග මාලාවට කණ්ඩායම් 4000 ක්

ඩී.එස්.අයි.පාසල් වොලිබෝල් තරග මාලාවට කණ්ඩායම් 4000 ක්

editorial - 2026 මැයි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජූනි 12 වැනිදා ආරම්භ කිරීමට සැළසුම් කර ඇති 24 වැනි ඩී.එස්.අයි සුපර් ස්පෝට්ස් අන්තර් පාසල් වයස් කාන්ඩ වොලිබෝල් තරග මාලාව සදහා කණ්ඩායම් වෙතින් ඇයැදුම්පත් භාර ගැනීම මැයි 20 වැනිදා දක්වා සිදු කෙරෙන බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පවසයි. 

අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමයේ සහයෝගයෙන් මෙවරත් සංවිධානය කෙරෙන වසරේ ප්‍රධානතම පාසල් (කණිෂ්ඨ) වොලිබෝල් තරග මාලාව බාලක හා බාලිකා ඉසව් 10 කින් සමන්විතය. ඒ සදහා 24 වැනි වතාවටත් අනුග්‍රාහය දැක්වීමට ඩී. සැම්සන් පුත්‍ර (ඩී.එස්.අයි.පාවහන්) සමාගම ඉදිරිපත්ව සිටියි. මෙම තරග මාලාව ආරම්භයේදීම අනුග්‍රාහය දැක්වීමට ඉදිරිපත් වීමෙන් මෙරට පාසල් වොලිබෝල් ක්‍රීඩාවට දැක්වූ අනුපමේය මෙහෙය වෙනුවෙන් කොළඹ පැවැති මාධ්‍ය හමුවේදී ඩි.සැම්සන් පුත්‍ර සහ සමාගමේ හිටපු සහාපති දිවංගත නන්දදාස රාජපක්ෂ මහතා ඇගයීමද සිදු විය.

දිස්ත්‍රික් (මූලික) වටය හා ජාතික (අවසන්) වටය යන පරිදි අදියර දෙකකින් තරග මාලාව පැවැත්වීමට නියමිතය. බාලක හා බාලිකා වයස් කාන්ඩ පහකින් සමන්විත තරගාවලි 10 කින් එය සමන්විතය.වයස11න් පහළ,13 න් පහළ,15 න් පහළ,17න් පහළ හා 19 න් පහළ යන ඉසව්  ඊට ඇතුළත් වේ.

දිස්ත්‍රික් තරග වටය ජූනි 12 වැනිදා ආරම්භ වන අතර එදින සමාරම්භක උත්සවය බන්ඩාරවෙල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමයේ සභාපති, කුලියාපිටිය සාරානාත් විදුහලේ විදුහල්පති ආර්.එම්.සී.රන්දෙණි මහතා පැවැසීය.

ඒ අනුව දිස්ත්‍රික් තරග වටය ජූනි 10 වැනිදා සිට අගෝස්තු 10 වැනිදා දක්වා දක්වාත් සති අන්ත දිනවලදී පැවැත්වේ. ඔක්තෝබර් 1 සිට 5 වැනිදා දක්වා ජාතික තරග වටය පැවැත්වේ. අවසන් මහ තරග නොවැම්බර් 14 - 15 යන දිනවල කොළඹදී පැවැත්වීමට සැළසුම් කර තිබේ.

තරග මාලාවට සහභාගි වන කණ්ඩායම් වලට සිය තරග ඇයැදුම් පත්‍රිකා දිවයිනේ පිහිටි ඩී.එස්.අයි.පාවහන් අලෙවි සැළ් හා ප්‍රදර්ශනාගාර තුළින් ලබා ගැනීමේ පහසුකම් සළසා තිබේ. ඒ හැරෙන්නට කලාප ක්‍රීඩා අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රික් වොලිබෝල් නිලධාරීන්, පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරුන් වෙතින් ලබා ගැනීම හෝ වොලිබෝල් සම්මේලනයේ හෝ පාසල් වොලිබෝල් සංගමයේ නිල වෙබ් අධවි වලට පිවිසුමෙන් භාගත කළ හැකිය.

 දුරකථන අංක 0112669344 ඔස්සේ  වොලිබෝල් සම්මේලනය ඇමැතීමෙන් මෙන්ම දුරකථන අංක 0718314414 ඔස්සේ පාසල් වොලිබෝල් සංගමයේ ලේකම්  චාල්ස් තිලකරත්න මහතා ඇමැතීමෙන්ද ඒ පිළිබදව හා තරග මාලාව පිළිබදව වැඩි තොරතුරු ලබා ගත හැකිය.

ඡායාරූපය : - අන්තර් පාසල් ඩී. එස්.අයි.සුපර් ස්පෝට්ස් වොලිබෝල් තරග මාලාවට අනුග්‍රාහය දක්වන ඩී.සැම්සන් පුත්‍ර සහ සමාගම වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති,ජේය්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාට අනුග්‍රාහය නිල වශයෙන් ප්‍රදානය කළ අයුරු.

 වොලිබෝල් සම්මේලනයේ උප සභාපති මහින්ද බන්ඩාර,එහි භාණ්ඩාගාරික තුෂාර සම්පත් පෙරේරා, පාසල් වොලිබෝල් සංගමයේ සභාපති ආර්.එම්.සී.රන්දෙණි, එහි ලේකම් චාල්ස් තිලකරත්න, අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ දිල්රුක් ජයවර්ධන හා  ඩී.සැම්සන් ශ පුත්‍ර සමාගමේ අධ්‍යක්ෂ අසංක රාජපක්ෂ යන මහත්වරුද මෙහි වෙති.


අදහස් (0)

ඩී.එස්.අයි.පාසල් වොලිබෝල් තරග මාලාවට කණ්ඩායම් 4000 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.