Last Update  :  2026-05-07 19:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ෆීෆා අරමුදල් ඉහළ දැමීමෙන් ශ්‍රී ලංකාවට වාසියක්

ෆීෆා අරමුදල් ඉහළ දැමීමෙන් ශ්‍රී ලංකාවට වාසියක්

editorial - 2026 මැයි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

කැනඩාවේ වැන්කුවර් නුවරදී රටවල් 211 කගේ සහභාගිත්වයෙන් නිමාවට පත්වූ අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ  (ෆීෆා) 76 වැනි වාර්ෂික මහ සමුළුවේදී සාමාජික රටවලට එහි වාර්ෂික ගෙවීම්  20% කින් ඉහළ දැමීමට තීරණයවී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවටද එම ප්‍රතිලාභ හිමි වන අතර මේ වන විට සාමාජික රටක් ලෙස ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් ලැබෙන වාර්ෂික අරමුදල් ඇමැරිකානු ඩොලර් මිලියන 1.2 කට ආසන්න අගයක් ගනියි.

වැන්කුවර් නුවරදී පැවැති ෆීෆා වාර්ෂික මහ සමුළුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර්, උප සභාපති රංජිත් රුද්‍රිගු හා විධායක සභික  ජගත්ද සිල්වා යන මහත්වරු සහභාගි වූහ.වැන්කුවර් මහ සමුළුව පිළිබදව ලංකාදීපය කළ විමසුමකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා අරමුදල් ඉහළ දැමීම හැරෙන්නට ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවේ යටිතල පහසුකම් නැංවීම සදහා විශේෂ ආධාරයන් කීපයක් මෙම වසරේදී ප්‍රදානය කිරීමටද ප්‍රතිඥා දුන් බව පැවසිය.

ඒ යටතේ පාපන්දු ක්‍රීඩා පාවහන් තොගයක්ද ශ්‍රී ලංකාවට ලබාදීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය එකඟවී තිබේ.


අදහස් (0)

ෆීෆා අරමුදල් ඉහළ දැමීමෙන් ශ්‍රී ලංකාවට වාසියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.