මුරලි සාම කුසලාන විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයෙන් ඞී.එස්. සේනානායක විද්‍යාලය, ‘බී’ කාණ්ඩයෙන් යාපනය ශා. ජෝන් විද්‍යාලය, ‘සී’ කාණ්ඩයෙන් ආනන්ද විද්‍යාලය සහ ‘ඞී’ කාණ්ඩයෙන් ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයත් අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට සමත්වූහ.
අවසන් පූර්ව තරග හෙට (10 වැනිදා) කිළිනොච්චි මධ්‍ය මහා විද්‍යාලීය ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
පළමු අවසන් පූර්ව තරගය සදහා ආනන්ද විද්‍යාලය සහ ඞී.එස්. සේනානායක විද්‍යාලය තරග වදිති. දෙවන අවසන් පූර්ව තරගය සදහා යාපනය ශා. ජෝන් විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය තරග වැදීමට නියමිතය.
අවසන් මහා තරග ඉරිදා (11 වැනිදා) ඔඞ්ඩුසුඩාන් විද්‍යාලීය ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
තෙදිනක් පුරා පැවති මූලික වටයේ තරග අද (9 වැනිදා) අවසන් විය. ඊයේ පැවති පැවති මූලික වටයේ තරග වල ප‍්‍රතිඵල පහත පරිදි වේ.
‘ඒ’ කාණ්ඩයෙන් මොණරාගල පාසල් ඒකාබද්ධ කණ්ඩායම සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය පරදවා ඞී.එස්. සේනානායක විද්‍යාලය සහ යාපනය පාසල් ඒකාබද්ධ කණ්ඩායම ජයගත්හ.
‘බී’ කාණ්ඩයෙන් දෙබරවැව විද්‍යාලය සහ කඳුරට පාසල් ඒකාබද්ධ කණ්ඩායම පරදවා යාපනය ශා. ජෝන් විද්‍යාලය සහ ති‍්‍රකුණාමලය - මඩකලපුව පාසල් ඒකාබද්ධ කණ්ඩායම ජයගත්හ.
‘සී’ කාණ්ඩයෙන් වත්තල ශා. අන්තෝනී විද්‍යාලය සහ ජාත්‍යන්තර පාසල් ඒකාබද්ධ කණ්ඩායම පරදවා ආනන්ද විද්‍යාලය සහ කිලිනොච්චි - මුලතිව් පාසල් ඒකාබද්ධ කණ්ඩායම ජයගත්හ.
‘ඞී’ කාණ්ඩයෙන් මන්නාරම -වව්නියා පාසල් ඒකාබද්ධ කණ්ඩායම සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය පරදවා ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය සහ අම්බලන්ගොඩ පී.ද.එස් කුලරත්න විද්‍යාලයත් ජයග‍්‍රහණ ලබා ගැනීමට සමත්වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.