Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු අප්‍රිකානු පිලේ හිටපු නායක ඒ.බී. ඩිවිලියර්ස් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට නැවත පැමිණීම පිළිබඳව දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය සමග පැවැති සාකච්ඡා අවසන් වී තිබේ. ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට ඩිවිලියර්ස් ගත් තීරණය තවදුරටත් එසේම පවතිනු ඇතැයි වාර්තා වේ.
තමන් නැවත වරක් දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් වත්මන් ක්‍රිකට් අධ්‍යක්‍ෂවරයා වන ගේ්්‍රඒම් ස්මිත් මහතා සමග සාකච්ඡා කළ බව මීට මාස කිහිපයකට ඉහතදී ඩිවිලියර්ස් පිළිගත්තේය. එහෙත් එම සාකච්ඡා අවසන් වී ඇත්තේ “ඇයි ගිහිල්ලා ඉන්දියාවට ගහනවකො” යන ප්‍රතිචාරයෙනි.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් අද්වීතීය මෙහෙවරක නිරත වූ හිටපු නායකයා වසර තුනකට ඉහතදී අන්තර්ජාතික තරග බිමෙන් සමුගත්තේ පෞද්ගලික හිමිකම් ඇති කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අරමුණ ඇතිවය. ඔහු අයි.පී.එල්. තරගාවලියේද රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කළේය.
ඉතා හොඳින් දස්කම් අතර සිටියදී දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායම හැරයාම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු ක්‍රිකට් බලධාරීන්ගේ පැහැදිළි අප්‍රසාදය ඩිවිලියර්ස් වෙත එල්ල වී තිබේ.
දකුණු අප්‍රිකානු කණ්ඩායමේ අයර්ලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් තරගාවලි සඳහා සංචිත අද (18 වැනිදා) නම් කරන ලදි.
පිට දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රෙනෙලාන් සුබ්‍රයන්, බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලබන මාසයේදී බටහිර ඉන්දීය දූපතක් වන ශාන්ත ලුසියා හිදී පැවැත්වෙන තරග දෙකේ තරගාවලිය සඳහා දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචිතයට එක්විය. 27 හැවිරිදි සුබ්‍රයන් සමඟ දකුණු අප්‍රිකාවේ වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ සගයා වන ලිසාඩ් විලියම්ස් ද එක් වී සිටී. ඔහු ජාතික ටෙස්ට් කණ්ඩායමට එකතු වන්නේ පළමු වතාවටය.
19 දෙනෙකුගෙන් යුත් ටෙස්ට් සංචිතයට ඩීන් එල්ගා නායකත්වය දරනු ඇත. ඔහු මාර්තු මාසයේදී නායකයා වශයෙන් ස්ථීර පත්වීම ලබාගත්තේය. අයර්ලන්තයට සහ කොදෙව් පිලට එරෙහිව තරග වදින දකුණු අප්‍රිකානු සීමිත ඕවර කණ්ඩායම් දෙකෙහිම නායකත්වය ටෙම්බා බවුමාට පැවරී තිබේ.
කැරිබියානු කඩුලු වල පවතින මන්දගාමී තණතීරු සඳහා සූදානම් වීමේ දී දඟ පන්දු යැවීමේ අංශය ශක්තිමත් කිරීම දකුණු අප්‍රිකානු ජාතික තේරීම් කමිටුවේ අවධානය යොමු වී තිබේ. වසර 11 කට පසුව බටහිර ඉන්දීය දූපත් සමූහයේ සංචාරය කරන දකුණු අප්‍රිකානු පිලට ප්‍රෙනෙලාන් සුබ්‍රයන් සමඟ කේෂව් මහරාජ්, තබ්‍රේස් ෂම්සි සහ ජෝර්ජ් ලින්ඩේ විශේෂඥ දඟ පන්දු යවන්නන් වශයෙන් එක්ව සිටින අතර නායකයාගේ මෙන්ම ඒඩ්න් මාක්‍රම්ගේ අවස්ථාවෝචිත දඟ පන්දු විකල්ප වශයෙන් ඇත.
“2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය මෙන්ම මේ වසර අගදී පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සූදානම් වීමට අවශ්‍ය ලකුණු ලබා ගැනීම සඳහා අයර්ලන්ත සංචාරය ඉතා වැදගත් වේ. මෙම කුසලාන දෙක සඳහාම යන අපගේ මාවතේ ආරම්භය මෙයයි” යයි දකුණු අප්‍රිකානු තේරීම් කමිටුවේ කැඳවුම්කරු වික්ටර් පිටිසෑන්ග් මහතා පැවසීය.
දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචිතය
ඩීන් එල්ගර් (නායක), ටෙම්බා බාවුමා (උප නායක), ක්වින්ටන් ඩි කොක් (කඩුලු රකින්නා), සාරෙල් අර්වී , බියුරන් හෙන්ඩි්‍රක්ස්, ජෝර්ජ් ලින්ඩේ, කේෂව් මහරාජ්, ලුන්ගි න්ගිඩි, ඒඩ්න් මාක්රාම්, වියාන් මල්ඩර්, ඇන්රිච් නෝයේ, කීගන් පීටර්සන්, කගීසෝ රබාඩා, රාසි වැන් ඩර් ඩසන්, කයිල් වරීන්, තබ්‍රේස් ෂම්සි, ලිසාඩ් විලියම්ස්, ප්‍රෙනෙලාන් සුබ්‍රයන්, සහ මාකෝ ජැන්සන්.
දකුණු අප්‍රිකානු විස්සයි-20 සංචිතය (කොදව් සංචාරයට)
ටෙම්බා බවුමා (නායක), ක්වින්ටන් ඩි කොක්, බියොන් ෆෝචූන්, රීසා හෙන්ඩි්‍රක්ස්, හෙන්රික් ක්ලාසන්, ජෝර්ජ් ලින්ඩේ, සිසන්ද මාගල, ජැනේමන් මාලන්, ඒඩ්න් මාක්රම්, ඩේවිඩ් මිලර්, ලුන්ගි න්ගිඩි, ඇන්රිච් නෝයේ, ඇන්ඩිල් පෙලුක්වායෝ, කගිසෝ රබාඩා, තබ්‍රේස් ෂම්සි, රාසි වැන්ඩර් ඩසන්, කයිල් වර්රීන් සහ ලිසාඩ් විලියම්ස්
- 213
යසා Tuesday, 18 May 2021 05:37 PM
අපෙත් දෙන්නෙක් ගියානේ ඔය විදිහටම IPL ගහන්න. අන්තිමේදි දෙකම විතරක් නොවෙයි ටීම් එකත් එක්ක තුනම නැතිවුනා
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.