Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඩිල් ස්කූප් පහරේ උපත

ඩිල් ස්කූප් පහරේ උපත

editorial - 2021 ඔක් මස 07 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

එය 2009 වසරේ එංගලන්තයේදී පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටය යටතේ පැවැති 8 වැනි තරගයයි. ඕස්ට්‍රේලියාව ලබාගත් ලකුණු 159 හඹායමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් තිලකරත්න ඩිල්ෂාන් සහ නායක කුමාර් සංගක්කාර සාර්ථක සම්බන්ධතාවක් ගොඩනගමින් සිටියහ.

 

  වසර 15 ක ලෝක ක්‍රිකට් ඇබ්බැහිය
   ශී‍්‍ර ලංකාවේ විස්සයි-20 තිඹිරිගෙය
   වැඩිම ලකුණු ලෝක වාර්තාව ශී‍්‍ර ලංකාවට
   අජන්ත මෙන්ඩිස් ලෝක වාර්තාව අලුත් කරයි

පන්දු 27 කදී ලකුණු 46 ක් ලබා සිටි ඩිල්ෂාන්, තමා මුහුණදුන් 28 වැනි පන්දුවේදී අර්ධ ශතකය සම්පූර්ණ කළේ කිසිවකු කිසිදා දැක නොතිබූ වෙනස්ම ආකරයේ පහරකින් පන්දුව හතරේ සීමාව කරා යවමිනි. නරඹන්නන් පමණක් නොව විනිසුරුවන් මෙන්ම ප්‍රතිවාදී කණ්ඩායමේ පන්දු රකින්නන් පවා මවිතයට පත්කරමින් ෂේන් වොට්සන්ගේ පන්දුවකට ඩිල්ෂාන් ගැසූ එම පහර පිළිඹඳව සජීවී විස්තර විචාරක කුටියේ සිටි අයෙක් මෙසේ පැවසීය.

“එය අවලස්සන නමුත් ඉතාම විශිෂ්ට පහරක්. ඒත් ලකුණු 50 සම්පූර්ණ කිරීමට නම් එය කදිම පහරක්. කඩුල්ල එල්ලයේ පතිත වූ ඉතාමත් හොඳ පන්දුවකට හිස නමා බිමට පහත්වී පිත්ත සිරස් අතට ඉහළට ඔසවමින් කඩුලු රකින්නාගේ හිසට ඉහළින් ඔහු එම පහර ගැහැව්වා. කඩුල්ල පසුපසට පන්දුව යවන ‘පැඩ්ල් ස්වීප්’ සහ ‘අපර් කට්’ වැනි පහර ඔබ දැක ඇති. නමුත් මෙය ඊටත් වඩා අනතුරුදායක පහරක්.” යයි කියමින් විස්තර විචාරකයා සිය මවිතය පළකළේය.

ඒ තිලකරත්න ඩිල්ෂාන් විසින් ක්‍රිකට් ක්‍රීඩාවට අලුතින් හඳුන්වා දෙන ලද ‘ඩිල් ස්කූප්’ පහරේ උපත සිදුවූ අවස්ථාවයි.  

තරගයෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් ඩිල්ෂාන් කියා සිටියේ එම පහර අහම්බයක් නොවන බවත්, දීර්ඝ කාලයක් පුරා තමා පුහුණු දැළ තුළදී කළ අත්හදා බැලීම් වලින් අනතුරුව ගැසූ පහරක් බවත්ය. ජාත්‍යන්තර තරගයකදී පළමු ඩිල් ස්කූප් පහර එල්ල කිරීම සඳහා තමා කල්යල් බලමින් සිටි බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

එම තරගයේදී පන්දු 32 කින් හතරේ පහර 10 ක් සමග ලකුණු 53 ක් රැස්කළ ඩිල්ෂාන්, දෙවැනි කඩුල්ල වෙනුවෙන් සංගක්කාර සමග එක්ව පන්දු 36 කදී ලකුණු 62 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීය. පන්දු 42 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 55 ක් රැස්කළ සංගක්කාර, සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

ප්‍රබලම පිතිකරුවන් දෙදෙනකු වූ සනත් ජයසූරිය (2) සහ මහේල ජයවර්ධන (9) අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී ගියද, ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑම සඳහා සංගක්කාරට අනගි සහායක් දුන් ජෙහාන් මුබාරක් පන්දු 12 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 21 ක් රැස්කළේය. බ්‍රෙට් ලී, මිචෙල් ජොන්සන්, නේදන් බ්‍රැකන් සහ ෂේන් වොට්සන් වැනි ප්‍රබල පන්දු යවන්නන් සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය වළක්වාලීමට නොහැකි විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානුවෝ ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 159 ක් ලබාගත්හ. එහිදී අජන්ත මෙන්ඩිස් සහ ලසිත් මාලිංග කඩුලු 3 බැගින් දවාගනිමින් ඕස්ට්‍රේලියානු පිතිකරුවන් දැඩි පීඩනයකට ලක්කළ අතර ඒ සඳහා ඔවුන් දෙදෙනාට අනගි සහායක් දුන් ඉසුරු උදාන ලකුණු 47 කට කඩුලු 2 ක් බිඳහෙළීය.

ඕස්ට්‍රේලියාව - ඕවර 20 කදී කඩුලු 9 කට 159

(ෂේන් වොට්සන් 22, රිකී පොන්ටින් 25, බ්‍රැඩ් හැඩ්න් 16, ඩේවිඩ් හසී 28, බ්‍රෙට් ලී 15, අජන්ත මෙන්ඩිස් 20/3, ලසිත් මාලිංග 36/3, ඉසුරු උදාන 47/2)

ශ්‍රී ලංකාව - ඕවර 19 කදී කඩුලු 4 කට 160

(තිලරත්න ඩිල්ෂාන් 53, කුමාර් සංගක්කාර නොදැවි 55, ජෙහාන් මුබාරක් නොදැවී 21, බ්‍රෙට් ලී 39/2)

 

(සැකසුම - ශානුක අරවින්ද)


අදහස් (1)

ඩිල් ස්කූප් පහරේ උපත
  • ජල්තර Friday, 08 October 2021 07:34 AM

    මට මතක හැටියට මේ පහර මුලින්ම ගැහුවේ සිම්බාබ්වේ ටීම් එකේ පිතිකරුවෙක්. මම ඒ මැච් එක TV එකේ බැලුවා. හැබැයි ඒක ගැන එදා මැච් එකේ විස්තර විචාරකයින් කථා කරලා අමතක කරලා දැම්මා. ඕක ඩිල්ෂාන් ගහන්න ගත්තම හැමෝම ඒ ගැන කථා කරන්න ගත්තා විතරක් නෙමෙයි ඩිල්ස්කූප් කියලා නමකුත් දැම්මා.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.