Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඩයලොග් ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගය රිනවුන් පිල සහ ගුවන් හමුදා පිල අතර හෙට (22 වැනිදා) කළුතර වර්නන් ප‍්‍රනාන්දු කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
අවසන් පූර්ව වටයේදී මීගමුව දොන් බොස්කෝ පිල ගෝල 2 - 0 ක් ලෙස පරාජය කරමින් රිනවුන් පිල අවසන් තරගයට සුදුසුකම් ලබාගත් අතර ගුවන් හමුදා පිල අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේදී ගෝල 2 - 1 ක් ලෙස අනුරාධපුර සොලිඞ් කණ්ඩායම පරාජය කරමිනි.
මෙම කණ්ඩායම් දෙක 2009 වසරේ චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේද අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර එහිදී ගෝල 2 - 2 ක් ලෙස ලකුණු සමවීම නිසා දඩුවම් පහර මගින් රිනවුන් පිලට තරගයේ ජය හිමිවිය.
අවසන් පූර්ව තරගයේදී ගෝල 2 ක් ලබාගත් මෙහෙමඞ් ෆසාල් රිනවුන් පිලේ නායකත්වය දරන අතර ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සිටි දක්‍ෂතම ප‍්‍රහාරකයකු වන මෙහොමඞ් අමනුල්ලා මහතා රිනවුන් පිලේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.
ගුවන් හමුදා පිලේ නායකත්වය සුමේධ ප‍්‍රනාන්දුට හිමිවී ඇති අතර එහි පුහුණුකරු ලෙස සම්පත් පෙරේරා මහතා කටයුතු කරයි.
මෙම අවසන් තරගයේදී ගුවන් හමුදා පිලේ පසුපෙල කී‍්‍රඩකයන්ට රිනවුන් පිලේ ඉදිරිපෙල කී‍්‍රඩකයන් වන මොහොමඞ් ෆසාල්ගේ සහ ඩිලාන් ජයසූරියගේ ආක‍්‍රමශීලී ප‍්‍රහාර වලකා ගැනීම දැඩි අභියෝගයක් වන අතර ගුවන් හමුදා පිලේ කවිඳු ඉශාන්ගේ සහ නිපුණ බණ්ඩාරගේ ආක‍්‍රමණශීලී කී‍්‍රඩා විලාශය පාලනය කිරීමද රිනවුන් පිලට දැඩි අභියෝගයක් වනු ඇත.
ගුවන් හමුදා පිලේ දැල රකින්නා වන රුවන් ප‍්‍රභාත්ට සහ රිනවුන් පිලේ දැල රකින්නා වන ලෝරනස් පි‍්‍රන්ස්ට තම කණ්ඩායම් ජයග‍්‍රහණය කරා රැගෙන යාමට මෙහිදී විශාල කාර්ය භාර්යයක් පැවරී තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.