Last Update  :  2026-01-11 22:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඩිල්ෂානුත් කොදෙව් වි:20 තරගාවලියට යයි

ඩිල්ෂානුත් කොදෙව් වි:20 තරගාවලියට යයි

ශනුක අරවින්ද - 2013 අගෝ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය දුපත් සමූහයේ පැවැත්වෙන කැරිබියන් ප‍්‍රිමියර් ලීග් (සී. පී. එල්.) තරගාවලියේ මේ වන විටත් අවසන් පූර්ව වටයට පිවිස තිබෙන ගයනා ඇමසන් වොරියර්ස් පිලට එක්වීම සඳහා ශ‍්‍රී ලංකා පිලේ තුන් ඉරියව් කී‍්‍රඩක තිලකරත්න ඩිල්ෂාන්ට ආරාධනා ලැබී තිබේ.

ඒ අනුව ලබන බ‍්‍රහස්පතින්දා ටොබේගෝ රෙඞ් ස්ටීල් පිලට එරෙහිව පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයට සහභාගීවීම සඳහා ඩිල්ෂාන් අද (20 වැනිදා) දිවයිනෙන් පිටත්ව ගියේය.

ඔහුට මෙම අවස්ථාව හිමවී තිබෙන්නේ නවසීලන්ත කී‍්‍රඩක මාටින් ගප්ටිල්, පසුගිය 17 වැනිදා ඇන්ටිගුවා හෝක්ස්බිල්ස් පිල සමග පැවති තරගයේදී තුවාල ලබා තරගාවලියෙන් ඉවත්වීම හේතුවෙනි.

මේ වන වට වි:20 ජාත්‍යන්තර තරග 50 කට සහභාගීවී ඇති ඩිල්ෂාන් එක් ශතකයක් සහ අර්ධ ශතක 7 ක්ද ඇතුළත්ව ලකුණු 1203 ක් ලබාගෙන තිබේ.

කැරිබියන් පි‍්‍රමියර් ලීග් තරගාවලියට ශ‍්‍රී ලංකාවෙන් එක්වන පස්වැනි කී‍්‍රඩකයා ඩිල්ෂාන් වන අතර වේග පන්දුයවන කී‍්‍රඩක ලසිත් මාලිංගද ගයනා ඇමසන් වොරියර්ස් පිලට කී‍්‍රඩා කරයි.

ඔවුන් දෙදෙනාට අමතරව මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාර ජැමෙයිකා තලවාස් පිලටත්, මහේල ජයවර්ධන ටිනිඩෑඞ් සහ ටොබේගෝ රෙඞ් ස්ටීල් පිලටත් එක්ව සිටිති.

- 036

 


අදහස් (0)

ඩිල්ෂානුත් කොදෙව් වි:20 තරගාවලියට යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.