ශූරයාට රුපියල් මිලියනයක මුදල් ත්‍යාගයක් පිරිනැමෙන ‘එස්. එල්. ටී. ස්පීඞ් අප් ’ විවෘත රේසිං පාපැදි සවාරිය හෙට (27 වැනිදා) පෙරවරු 8.30 ට කොළඹ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම් මුලස්ථානය ඉදිරිපිටින් ඇරැඹෙයි. පිරිමි තරගයට සමගාමීව පැවැත්වෙන කාන්තා රේසිං පාපැදි තරගය ආරම්භ වන්නේ හෙට පෙරවරු 9.30 ටය.
කාන්තා තරගය කොළඹ සිට අම්බලන්ගොඩ නගරය දක්වා කිලෝමීටර 80 ක දුරකින් පැවැත්වේ.
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ පුර්ණ අනුග්‍රහයෙන් දින පහක් පුරා පැවැත්වෙන පිරිමි පාපැදි සවාරිය මේ මස 31 වැනිදා අවසන් වන්නේ මඩකලපුව නගරයෙනි. ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය විසින් තරගාවලිය මෙහෙයවනු ලබයි.
මෙතෙක් ශ්‍රී ලංකා පාපැදි ක්‍රීඩාවේ තරගයකදී ශූරයාට හෝ ශූරියට පිරිනැමෙන විශාලතම මුදල් ත්‍යාගය මෙය බව තරග සංවිධායකවරු පවසති. ශූරයාට පිරිනැමෙන මිලියනයක මුදලට අමතරව සමස්ත තරගයේ ජයග්‍රහී තරගකරුවන් සහ තරගකාරිණියන් සඳහා ලක්ෂ 40 ක පමණ මුදලක් ත්‍යාග ලෙස ලබා දීමට ද අනුග්‍රාහක ටෙලිකොම් සමාගම කටයුතු යොදා තිබේ.
වර්තමානයේ මෙරට ක්‍රියාත්මක පාපැදි සවාරි අතරින් වැඩිම දින ගණනක් (දින පහක්) පැවැත්වෙන පිරිමි පාපැදි සවාරියේ මුඵ දුර ප්‍රමාණය කිලෝමීටර 780.5 කි.
ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ලේකම් ගෘප් කපිතාන් කිත්සිරි ලීලාරත්න මහතා පැවසුවේ පිරිමි පාපැදි සවාරියට දිවයිනේ නමගිය තරගකරුවන් ඇතුළු තරගකරුවන් 182 දෙනෙක් ඉදිරිපත්ව සිටින බවයි. කාන්තා තරගය සඳහා ක්‍රීඩිකාවෝ 26 දෙනෙක් ඉදිරිපත්ව සිටිති.
අද පැවැත්වෙන පිරිමි පාපැදි සවාරියේ » අදියර මාතර නගරයේ ටෙලිකොම් ආයතනය ඉදිරිපිටින් අවසන් වෙයි. මෙහි දුර කිලෝමීටර 150.7 කි.
මාතර සිට රත්නපුර නව නගරය දක්වා කිලෝමීටර 150.0 ක දුරකින් II අදියර පැවැත්වේ. රත්නපුර මහජන බැංකුව ඉදිරිපිටන් ආරම්භවන III අදියරේදී තරගකරුවෝ කිලෝමීටර 127 ක දුරක් ධාවනයේ යෙදෙමින් මහනුවර දළදා වීදිය අසළින් එම අදියර අවසන් කරති. කිලෝමීටර 149.8 ක දුරකින් පැවැත්වෙන සිවුවැනි අදියර මහනුවර නගරයේ සිට අනුරාධපුර නගරය දක්වා පැවැත්වීමට නියමිතය.
තරගයේ අවසානය අදියර දෙකකින් ක්‍රියාත්මක කෙරේ.
අනුරාධපුර නගරයෙන් මෙම 31 වැනිදා පෙරවරු 8.30 ට ආරම්භවන පස්වැනි අදියරේ පළමු අර්ධය පැවැත්වෙන්නේ පොලොන්නරුව දක්වා කිලෝමීටර 106.0 කිනි. එහි දෙවැනි සහ අවසන් අර්ධය එදින පස්වරු 2.00 ට පොලොන්නරුවේ සිට මඩකලපුව (කිලෝමීටර 97) දක්වා පැවැත්වේ. සමස්ත තරගය මඩකලපුව සෙල්වනායගම් අනුස්මරණ ශාලාව ඉදිරිපිටින් අවසාන් වේ.
පිරිමි තරගයේ දෙවැනි ස්ථානය දිනාගන්නා තරගකරුට රුපියල් 500,000 ක්ද, තෙවැනි ස්ථානය ලබන තරගකරුට රුපියල් 300,000 ක් ද ලෙස 15 වැනි ස්ථානයට තරගය නිමකරන තරගකරු දක්වා මුදලින් ත්‍යාග පිරිනැමේ.
අදියර ජයග්‍රාහකයන්ට, ස්ප්‍රින්ට් ජයග්‍රහකයාට මෙන්ම සමස්ත කණ්ඩායම් ශූරතාව වෙනුවෙන් ද මුදල් ත්‍යාග පිරිනැමේ. තුන්වැනි අදියරේදී කඩුගන්නාව කඳු මුදුන පළමුව තරණය කරන ක්‍රීඩකයාට දක්ෂතම කඳු තරණය කරන ක්‍රීඩකයා ලෙස ත්‍යාග ප්‍රදානය කෙරේ.
අදියර අවසානයේ ඉදිරියෙන් සිටින තරගකරු කහ බැනියම ඇඳ තරග කරන අතර ස්ප්‍රින්ට්, වයස 23 න් පහළ ඉදිරියෙන් සිටින තරගකරු සහ දක්ෂතම කඳු තරණය කරන ක්‍රීඩකයා ද ඔවුන්ට අයත් වර්ණයන්ගෙන් යුත් බැනියම් ඇඳ ධාවනයේ නිරතවේ. සමස්ත තරග ප්‍රතිඵල අනුව ඉදිරියෙන් සිටින වයස 23 න් පහළ ක්‍රීඩකයාට දක්ෂතම යොවුන් පාපැදි ශූරයාට හිමි සම්මානය පිරිනැමේ.
කාන්තා තරගයේ ශූරියට ලක්ෂ දෙකක මුදල් ත්‍යාගයක් පිරිනැමේ. කාන්තා තරගය සඳහා වෙන්කර ඇති ත්‍යාග මුදල රුපියල් 575,000 කි. දෙවැනි ස්ථානය දිනාගන්නා ක්‍රීඩිකාවට රුපියල් 150,000 ක්ද, තෙවැනි ස්ථානය ලබන ක්‍රීඩිකාවට රුපියල් 100,000 ක්ද ලෙස පස්වැනි ස්ථානය දිනාගන්නා තරගකාරිය දක්වා ත්‍යාග පිරිනැමේ.
පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මෙම දින පහ පුරා මාර්ගවල විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වන අතර සියලු තරගකරුවන් සඳහා රක්ෂණාවරණයක්ද හිමිවේ.
ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති වෛද්‍ය අමල් හර්ෂ සිල්වා සහ ටෙලිකොම් සමාගමේ සභාපති පී. ජී.කුමාරසිංහ යන මහත්වරු පාපැදි සවාරියේ සමාරම්භක අවස්ථාවට සහභාගි වෙති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.