Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජොෂ් හේසල්වුඩ් ඕස්ට්‍රේලියානු සංචිතයට

ජොෂ් හේසල්වුඩ් ඕස්ට්‍රේලියානු සංචිතයට

editorial - 2023 මැයි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවක් තිබෙන නමුත් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගය සඳහා වන ඕස්ට්‍රේලියානු සංචිතයට ජෝෂ් හේසල්වුඩ් ඇතුළත් කර තිබේ. මිචෙල් මාෂ් සහ මැතිව් රැන්ෂෝ දෙදෙනාම අළු බඳුන තරගාවලියේ සංචිතයට ඇතුළත් වන නමුත් ලෝක ශූරතාවලියේ අවසන් මහ තරගය වන සංචිතයේ සිටින්නේ අතිරේක ක්‍රීඩකයන් ලෙසිනි.

අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කරමින් සිටි ජොෂ් හේසල්වුඩ් වේලාසනින් සියරට බලා ගියේ ඇලපතේ පැත්තක වේදනාවක් තිබූ බැවිනි. එහෙත් වෛද්‍ය පරීක්ෂණ වලින් තහවුරු වූයේ ඔහුගේ ඇලපතේ කිසිදු ආබාධයක් නැති බවයි.

නායක පැට් කමින්ස්, මිචෙල් ස්ටාක් සහ ස්කොට් බෝලන්ඩ් යන තිදෙනාට අමතරව, ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සිටින විශේෂඥ වේග පන්දු යවන්නා වන්නේ හේසල්වුඩ්ය.

මයිකල් නෙසර් සහ ෂෝන් ඇබට් දෙදෙනාත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පුහුණු වන අතර අවශ්‍ය වුවහොත් හේසල්වුඩ් වෙනුවට ප්‍රධාන සංචිතයට නෙසර් ඇතුළත් කළ හැකිය. එහෙත් මින් ඉදිරියට සිදුවන ඕනෑම වෙනස්කමක් සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය අවශ්‍ය වේ.

ඉන්දියාව පැත්තෙන් ගත් කල්හි රුතුරාජ් ගයික්වාඩ් වෙනුවට යසස්වි ජයිස්වාල් ප්‍රධාන සංචිතයට එක්වී සිටී. නවකයන් වන ඉෂාන් කිෂන් සහ ජයිදේව් උනද්කාත් දෙදෙනාම ලෝක ශූරතා අවසන් මහ තරගයේ සංචිතයට එක්ව සිටිති. ඔවුන් දෙදෙනාගෙන් ඉෂාන් කිෂන්ට කඩුලු රැකීමේ හැකියාවත් තිබේ. මුකේෂ් කුමාර්, සූර්යකුමාර් යාදව් සහ ජයිස්වාල් තිදෙනා ඉන්දීය සංචිතයේ අතිරේක ක්‍රීඩකයෝ වෙති.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගය ජුනි 7 සිට 11 වැනිදා දක්වා ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ජුනි 12 වැනිදා අතිරේක දිනයක් ලෙසින් සැලකේ.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගයේ ජයග්‍රාහකයන්ට ඇමෙරිකානු ඩොලර් මිලියන 1.6 ක සල්ලි මල්ලක් හිමිවන අතර අනුශූරයන්ට ඩොලර් ලක්‍ෂ 8 ක (800,000) මුදල් ත්‍යාගයක් හිමිවේ.

 

ඕස්ට්‍රේලියානු සංචිතය
පැට් කමින්ස් (නායක), ස්ටීවන් ස්මිත් (උප නායක), ස්කොට් බෝලන්ඩ්, ඇලෙක්ස් කේරි (කඩුලු රකින්නා), කැමරන් ග්‍රීන්, මාකස් හැරිස්, ජොෂ් හේසල්වුඩ්, ට්‍රැවිස් හෙඩ්, ජොෂ් ඉංග්ලිෂ් (කඩුලු රකින්නා), උස්මන් කවාජා, මානස් ලැබුෂේන්, නේදන් ලයන්, ටොඩ් මර්ෆි, මිචෙල් ස්ටාක් සහ ඩේවිඩ් වෝනර්

අතිරේක ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ
මිචෙල් මාෂ් සහ මැතිව් රැන්ෂෝ

ඉන්දීය සංචිතය
රෝහිත් ශර්මා (නායක), ශුබ්මන් ගිල්, චෙටේෂ්වර් පුජාරා, විරාට් කෝලි, අජින්ක්‍යා රහනේ, කේ.එස්. භාරත් (කඩුලු රකින්නා), රවිචන්ද්‍රන් අශ්වින්, රවීන්ද්‍ර ජදේජා, අක්ෂර් පතෙල්, ෂර්දුල් ඨාකූර්, මොහොමඩ් ෂාමි, මොහොමඩ් සිරාජ්, උමේෂ් යාදව්, ජයදේව් උනද්කාට් සහ ඉෂාන් කිෂාන් (කඩුලු රකින්නා).

අතිරේක ඉන්දීය ක්‍රීඩකයෝ
යෂස්වි ජයිස්වාල්, මුකේෂ් කුමාර් සහ සූර්යකුමාර් යාදව්

- 213

 


අදහස් (0)

ජොෂ් හේසල්වුඩ් ඕස්ට්‍රේලියානු සංචිතයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.