Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජොකොවික් 19 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනයි

ජොකොවික් 19 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනයි

editorial - 2021 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අතිශය තියුණු තරගයකින් අනතුරුව වට 3-2 ක් ලෙස ග්‍රීසියේ ස්ටෙෆනොස් සිට්සිපාස් පරාජය කරමින් මෙවර ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව තමන් සතුකර ගැනීමට සර්බියාවේ නොවැක් ජොකොවික් සමත් විය. මේ වන විට ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන ‍34 හැවිරිදි ජොකොවික්, සිය ක්‍රීඩා දිවිය තුළ දිනාගත් 19 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව ලෙසද මෙය සටහන් විය.

සම ලකුණු බෙදීමේ වටයකින් පසුව අවසන් මහ තරගයේ පළමු වටය ලකුණු 7-6 ක් ලෙස ජයගත් සිට්සිපාස්, දෙවැනි වටයේදී ලකුණු 6-2 ක් ලෙස පහසුවෙන්ම ජොකොවික් පරාජය කළේය. ඒ අනුව මුල් වට 2 අවසානයේ වට 2-0 ක් ලෙස තරගයේ වැඩි වාසි හිමිකර ගැනීමට ග්‍රෑන්ඩ් ස්ලෑම් අවසන් මහ තරග සඳහා කෝඩුකාර සිට්සිපාස්ට හැකි විය‍.

කෙසේ වුවත් සිය අත්දැකීම් මනාව ප්‍රයෝජනයට ගනිමින් සිය ප්‍රතිවාදී යෞවනයා මෙල්ල කළ ජොකොවික්, ලකුණු 6-3, 6-2 ක් සහ 6-4 ක් ලෙස පි‍ළිවෙලින් තෙවැනි, සිවුවැනි සහ පස්වැනි වට ජයගැනීමට සමත් විය. ඒ අනුව වට 3-2 ක් ලෙස සමස්ත තරගයේ ජය තමන් සතුකරගත් ඔහු, ‍සිය ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතා ගොන්නට තවත් ප්‍රංශ විවෘත ශූරතාවක් එක්කර ගත්තේය.‍

මෙම ශූරතාවත් සමග ඕස්ට්‍රේලියානු විවෘත ශූරතා 9 ක්, විම්බල්ඩන් ශූරතා 5 ක්, ඇමරිකානු ශූරතා 3 ක් සහ ප්‍රංශ විවෘත ශූරතා 2 ක් දිනා සිටින ජෙ‍ාකොවික්, මේ වන විට ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 20 බැගින් දිනා සිටින නඩාල්ට සහ ස්විට්සර්ලන්තයේ රො‍ජ‍ර් ෆෙඩරර්ට වඩා තවත් එක් ශූරතාවක් පසුපසින් සිටියි.

ප්‍රංශ විවෘත ශූරතාව 13 වරක් දිනා සිටි නඩාල්ට එරෙහිව පැවැති අවසන් පූර්ව තරග‍ය වට 3-1 ක් ලෙස ජයගනිමින් ජොකොවික් මෙවර තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය. ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි 5 වැනි ස්ථානයේ පසුවන 22 හැවිරිදි සිට්සිපාස්, අවසන් මහ තරගයට පිවිසියේ අවසන් පූර්ව තරගයේදී වට 3-2 ක් ලෙස ජර්මනියේ ඇලෙක්සැන්ඩර් සර්වරව් පරාජය කරමිනි.

-036


අදහස් (0)

ජොකොවික් 19 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.