මේ දිනවල ප‍්‍රංශයේ පවතින අයහපත් කාලගුණය නිසා පැරිස් නුවරට හෙට හිරු පෑයීම අවිනිශ්චිත බව ඇතැම්හු කියති. එය කෙසේවෙතත් රෝලන්ඞ් ගැරොස් ටෙනිස් පිටිය නම් හිරු එළිය තිබුණත් නැතත් වෙනදාට වඩා වැඩි උණුසුම්වනු ඇතැයි විචාරකයෝ අනාවැකි පළ කරති.
සති දෙකකට අධික කාලයක් පුරා පැරිස් නුවර අවිවේකී කළ ප‍්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලිය හෙට නිමාවට පත්වන්නේ ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ සහ අංක දෙකේ පසුවන ප‍්‍රබලතම කී‍්‍රඩකයන් දෙදෙනා වන සර්බියාවේ නොවැක් ජොකෝවික් සහ මහ බි‍්‍රතාන්‍යයේ ඇන්ඩි මරේ අතර පැවැත්වෙන ද්වන්ධ සටනිනි.
දෙදෙනාම ප‍්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ සිය මංගල කුසලානය දිනාගන්නට කුරුමානම් අල්ලමින් දෙදෙනාගේ දස්කම් හා දුර්වලකම් මැන බලමින් සිටිති. ශී‍්‍ර ලංකා වේලාවෙන් හෙට පස්වරු 6.30ට පැවැත්වෙන අවසන් මහා තරගය මෑත ඉතිහාසයේ වැඩිම අවධානයට ලක්වූ මේ කී‍්‍රඩකයන් දෙදෙනාටම වැඩි වටිනාකමක් ලබා දෙන තරගයකි.
වසර පහක් ඇතුලත සිවුවැනි වතාටවත් රෝලන්ඞ් ගැරොස් පිටියේ අවසන් තරගයට කී‍්‍රඩා කරන ජොකෝවික් මේ මාන බලමින් සිටින්නේ සිය 12 වැනි ග‍්‍රෑන්ඞ් ස්ලෑම් කිරුළ දිනාගැනීමේ අදහසිනි.
මීට පෙර 2012, 2014, සහ පසුගිය වසරේ දී ප‍්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසන් මහා තරගයට එක්වූ ජොකෝවික් හෙට ප‍්‍රංශ ටෙනිස් කිරුළ දිනාගතහොත් වාර්ෂික ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා හතරම දිනාගත් කී‍්‍රඩකයන් අතලොස්සට එක්වනු ඇත. ඒ හපන්කම පෙන්නුම් කොට ඇත්තේ කී‍්‍රඩකයන් 7 දෙනකු පමණි.
මීට පෙර ප‍්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසන් තරගයට අවස්ථා 3 කදීම සේන්දුවූවත් අනුශූරතාවෙන් පමණක් සෑහීමකට පත්වීමට ජොකෝවික්ට සිදුවී තිබිණි. ඇන්ඩි මරේ රෝලන්ඞ් ගැරොස් පිටියේ අවසන් තරගයකට කී‍්‍රඩා කරන්නට යන්නේ මුල්ම වතාවටය.
ස්කොට්ලන්තයට අයත් 29 හැවිරිදි මේ කී‍්‍රඩකයා මෙවර ප‍්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසන් මහා තරගයට සේන්දු වූයේ 1937 දී බනී ඔස්ටින්ගෙන් පසුවය. ඒ හැරුණුවිට වසර 1968 දී මේ ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාමාලාව විවෘත එකක් බවට පත් කිරීමෙන් පසුව වාර්ෂිකව පැවැත්වෙන එම වර්ගයේ සියලූම තරගවල අවසන් මහා තරගයට එක්වීමේ භාග්‍යය ලද දසදෙනා අතරට එක්වීමේ විරල වාර්තාවත් තමා සතුකර ගැනීමට ඇන්ඩි මරේ සමත් විය.
වසර 79 කට පසුව ප‍්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියක අවසන් මහා තරගයට පිළිපන් පළමු බි‍්‍රතාන්‍ය ජාතිකයා බවට ඇන්ඩි මරේ පත්වූයේ පෙරේදා පැවැති අවසන් පූර්ව තරගයේදී ස්විට්සර්ලන්තයේ ස්ටැනිස්ලොව් වර්වින්කා ලකුණු 6-4, 6-2, 4-6 සහ 6-2 කින් පරාජයට පත් කිරීමෙනි. ස්ටැනිස්ලොව් වර්වින්කා පසුගිය වසරේ ප‍්‍රංශ ටෙනිස් කිරුළ දිනූ කී‍්‍රඩකයාය.
එක් අතකින් රෝලන්ඞ් ගැරොස් මෙන් වේගවත් පිටිවලදී උපරිම දස්කම් පෙන්වීමට උපන් හපන්කම් දක්වන මරේ සහ රොජර් ෆෙඩරර් හැරුණුවිට එක් වතාවකට වැඩියෙන් ජොකෝවික් පරාජය කිරීමට සමත්වූ එකම කී‍්‍රඩකයා වන්නේද ස්ටැනිස්ලොව් වර්වින්කාය. එබැවින් හෙට පැවැත්වෙන අවසන් මහා තරගය නොම්මර එකේ කී‍්‍රඩකයාට හිතූ තරම් පහසු එකක් නම් නොවනු ඇත.
-077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.