Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ III වැනි කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත් විය. කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී පොල්ගහවෙල ශාන්ත බර්නාඞ් විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් ලයිසියම් විදුහල් ක්‍රීඩකයෝ එම ශූරතාවට හිමිකම් කීහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 159 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත බර්නාඞ් විදුහල ඕවර 25.3 ක් අවසානයේ ලකුණු 61 කට සීමා කිරීමට ලයිසියම් පන්දුයවන්නෝ සමත් වූහ.
එහිදී දක්ෂ පන්දුයැවීමක නිරත වූ ජේසන් චාල්ස් ලකුණු 13 කට කඩුලු 5 ක් දවාගනිමින් ශාන්ත බර්නාඞ් ඉනිම සුනුවිසුණු කර දැමීය. ශාන්ත බර්නාඞ් විදුහල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා චාල්ස්ට අනගි සහයක් දුන් නිහිඳු වල්පොල ලකුණු 6 කට කඩුලු 3 ක් දවාගත්තේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ලයිසියම් ජාත්‍යන්තර පාසල ඕවර 50.3 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 158 ක් ලබාගත් අතර එහිදී පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දැක්වූ ජේසන් චාල්ස් ලකුණු 60 ක් රැස්කිරීමට සමත් විය.
ලයිසියම් ජාත්‍යන්තර පාසල - ඕවර 50.3 කදී කඩුලු 7 ක් දැවී 158
(ජේසන් චාල්ස් 60, ලෂාන් ද මෙල් 20, පසිඳු කෞෂාල් 20, අචින්ත බණ්ඩාර 20/4, ජානක රවිෂාන් 38/2)
ශාන්ත බර්නාඞ් විදුහල - ඕවර 25.3 කදී සියලු දෙනා දැවී 61
(රෙක්ස් මොටියර් 20, ජේසන් චාල්ස් 13/5, නිහිඳු වල්පොල 6/3)
|
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.