Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජාතික සුපරි ලීගයේ එක්දින තරග ඇරඹෙයි
ජාතික සුපිරි ලීගය

ජාතික සුපරි ලීගයේ එක්දින තරග ඇරඹෙයි

editorial - 2024 පෙබ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග එක්දින තරගාවලිය කොළඹ, ගාල්ල, යාපනය, මහනුවර සහ දඹුල්ල යන කණ්ඩායම්වල සහභාගීත්වයෙන් ඊයේ (23 වැනිදා) ආරම්භ විය. මූලික තරග 10 කින් සහ අවසන් මහ තරගයකින් සමන්විත මෙම තරගාවලිය මාර්තු මස 24 වැනිදා අවසන් වීමට නියමිතය.
 
මෙම තරගාවලියේදී කොළඹ කණ්ඩායම කුසල් මෙන්ඩිස් විසින්ද, යාපනය කණ්ඩායම සදීර සමරවික්‍රම විසින්ද, මහනුවර කණ්ඩායම පැතුම් නිස්සංක විසින්ද, ගාල්ල කණ්ඩායම රමේෂ් මෙන්ඩිස් විසින්ද, දඹුල්ල කණ්ඩායම වනිඳු හසරංග විසින්ද මෙහෙයවනු ලැබේ. 

මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම සෙසු කණ්ඩායම්වලට එරෙහිව එක් තරගයකට බැගින් සහභාගි වන අතර මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථාන හිමිකරගන්නා කණ්ඩායම් දෙක අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත. 

පල්ලෙකැලේ, රංගිරි දඹුල්ල, කොළඹ ආර්. ප්‍රේමදාස සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ යන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවලදී තරග පැවැත්වේ. මූලික වටයේ සියලුම තරග දිවා තරග ලෙස පැවැත්වෙන අතර අවසන් මහ තරගය පමණක් දිවා-රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතය. 


තරග කාලසටහන 
■ පෙබරවාරි 23 වැනිදා - ගාල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 
■ පෙබරවාරි 23 වැනිදා - යාපනය කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 
■ පෙබරවාරි 26 වැනිදා - කොළඹ කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 
■ පෙබරවාරි 26 වැනිදා - මහනුවර කණ්ඩායම සහ යාපනය කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 
■ පෙබරවාරි 29 වැනිදා - දඹුල්ල කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 
■ පෙබරවාරි 29 වැනිදා - කොළඹ කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 
■ මාර්තු 3 වැනිදා - යාපනය කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 
■ මාර්තු 3 වැනිදා - මහනුවර කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 
■ මාර්තු 6 වැනිදා - ගාල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 
■ මාර්තු 6 වැනිදා - දඹුල්ල කණ්ඩායම සහ යාපනය කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 
■ මාර්තු 9 වැනිදා - අවසන් මහ තරගය - කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 

 


අදහස් (0)

ජාතික සුපරි ලීගයේ එක්දින තරග ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.